අධ්‍යාපන අමාත්‍යාංශය මගින් පාසල් සිසුවියන්ට සනීපාරක්ෂක තුවා ලබා දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරිමට රජය තිරණය කර තිබෙනවා.
ඒ අනුව 2026 වසරේදී දිවයින පුරා පාසල්වල 6 ශ්‍රේණියෙන් ඉහළ සිසුවියන් මිලියනයකට අධික පිරිසකටසනීපාරක්ෂක තුවා ලබා දීමට රජය තීරණය කර තිබෙනවා.
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවකදී මේ පිළිබඳව විශේෂ අවධානය යොමුවුණා.
මෙම ව්‍යාපෘතිය සඳහා රජය රුපියල් බිලියන 1.44 ක මුදලක් වෙන් කර තිබෙන අතර
එක් සිසුවියකට වාර්ෂිකව රුපියල් 1,440 ක වටිනාකමකින් යුතු තිළිණපතක් (Voucher) බැගින් පළාත් අධ්‍යාපන කාර්යාල හරහා බෙදා හැරීමට නියමිතයි.
බෙදා හරිනු ලබන්නේ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ (SLSI) අනුමැතිය ලත් ආයතන මගින් නිෂ්පාදිත සනීපාරක්ෂක තුවා පමණි.
භාවිතයෙන් පසු සනීපාරක්ෂක තුවා විධිමත් ලෙස ඉවත දැමීමේ (Disposal) ක්‍රමවේදයක් පාසල් තුළ ස්ථාපිත කිරීමට ද මෙහිදී උපදෙස් ලබා දී තිබෙනවා
සිසුවියන්ට තම අභිමතය පරිදි තුවා මිලදී ගැනීමට අවස්ථාව ලබා දීම සහ දුෂ්කර ප්‍රදේශවල භූගෝලීය තත්ත්වයන් සලකා බලා වවුචර්පත් හෝ සනීපාරක්ෂක තුවා සෘජුව ලබා දීමේ නම්‍යශීලී ක්‍රමවේදයක් ක්‍රියාත්මක කෙරෙන බවද පවසා තිබෙනවා.
මෙම පියවර මගින් පාසල් සිසුවියන්ගේ සනීපාරක්ෂාව තහවුරු කිරීම සහ ආර්ථික අපහසුතා ඇති පවුල්වල දරුවන්ට සහනයක් සැලසීම අපේක්ෂා කෙරේ.














