රටේ ආර්ථික ජයග්‍රහණ පවුල් කිහිපයක් සහ චෞර වළල්ලක් වටා කේන්ද්‍ර වී තිබූ යුගය නිමා කර, එහි ප්‍රතිලාභ ආර්ථිකයේ පතුළේම සිටින ජනතාව වෙත ගලා යාමට සැලැස්වීම රජයේ ප්‍රමුඛ අරමුණ බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව අවධාරණය කළේ ‘දිට්වා’ සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවට වන්දි ප්‍රදානය කිරීම සඳහා අද (06) මහනුවරදී පැවති වැඩසටහනට එක්වෙමිනි.
කවුරුන් කුමන තනතුරු දැරුවද වැරදිකරුවන් වන සියලු දෙනාට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව පැවසූ ජනාධිපතිවරයා, මෙම වසර මෙරට යුක්තිය සහ සාධාරණත්වය පිළිබඳ ජනතාවගේ වැඩිම විශ්වාසය දිනාගන්නා වසර බවට පත් කරන බව ද සහතික විය. පවතින ක්‍රමය වෙනස් කරමින් ජනතාවට සැබෑ සහනයක් ලබා දීම රජයේ අපේක්ෂාව බව ද ඔහු මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.














