එක්සත් ජාතික පක්ෂයේ සම්මේලනයට ආරාධනා කළහොත් පක්ෂය සමඟ සාකච්ඡා කර එහි යන බව නාමල් රාජපක්ෂ මහතා පවසනවා.
ඔහු සදහන් කර සිටියේ මෙතෙක් ආරාධනයක් නිල වශයෙන් ලැබී නොමැති බවයි.
එක්සත් ජාතික පක්ෂයේ සම්මේලනය කොළඹ ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදී ලබන 06 වැනිදා පැවැත්වීමට නියමිතයි.
ඒ අනුව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කර තිබෙන ආකාරයට ඔහු සියලුම විපක්ෂයේ සාමාජික සාමාජිකාවන්ට මෙම සම්මේලනයට ආරාධනා කිරීමට බලාපොරොත්තු වන බවද සඳහන්.
සාම්ප්‍රදායික ලෙස සිරිකොතේ සම්මේලනය නොපවත්තා සියලු දෙනාට ළඟා විය හැකි ස්ථානයක එය පැවැත්වීමට තීරණය කර ඇති බවද සඳහන්.