අල්ලස් කොමිසම හමුවේ ප්‍රකාශයක් ලබා දීමට පැමිණි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශය ලබා දීමෙන් අනතුරුව පිටව ගොස් ඇත.
චාමර සම්පත් දසනායක මහතා ඌව මහඇමැතිවරයා වශයෙන් කටයුතු කළ සමයේ සිදුකර ඇතැයි කියන ගනුදෙනුවක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සදහා වික්‍රමසිංහ මහතා මෙසේ අල්ලස් කොමිසමට පැමිණ තිබිණ.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අප්‍රේල් 17 වනදා අල්ලස් කොමිසම වෙත පැමිණෙන ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම් දී තිබුණ ද, එදින ඔහුට පැමිණීමට නොහැකි බවට සිදුකළ දැනුම් දීමකින් අනතුරුව අද දිනයේ දී පැමිණෙන ලෙස දැනුම් දී ඇත.