• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ආසියාවේ විශාලතම පුනර්ජනනීය බලශක්ති මධ්‍යස්ථානය බවට උතුරු පළාත පත් කරනවා – ජනපති

25 May 2024
in දේශීය, පුවත්
ආසියාවේ විශාලතම පුනර්ජනනීය බලශක්ති මධ්‍යස්ථානය බවට උතුරු පළාත පත් කරනවා – ජනපති
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

මෙගාවොට් 700ක ධාරිතාවයකින් සමන්විත ආසියාවේ ලොකුම සූර්ය පැනල බැටරිය උතුරු පලාතේ ස්ථාපිත කිරීමට කටයුතු කරන අතර එමඟින් ආසියාවේ විශාලතම පුනර්ජනනීය බල ශක්තිය උත්පාදන මධ්‍යස්ථානය බවට උතුර පත් කළ හැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ ජාතික තරුණ සේවා සභාව මගින් යාපනය, දොරේඅප්පා ක්‍රීඩාංගණයේදී ඊයේ (24) සංවිධානය කර තිබූ යාපනය දිස්ත්‍රික් තරුණ සමුළුවට එක්වෙමිනි.

මෙහිදී යාපනය ප්‍රදේශයේ තරුණ තරුණියන්ගේ අවශ්‍යතා සහ ගැටලු ජනාධිපතිවරයා වෙත සෘජුවම යොමු කිරීමට ද අවස්ථාව සලසා දී තිබුණි. මෙම අවස්ථාව සඳහා ජාතික තරුණ සේවා සභාවේ සභාපති/අධ්‍යක්ෂ ජනරාල් පසිඳු ගුණරත්න මහතා ද එක්ව සිටියේය. අනතුරුව ප්‍රදේශයේ තරුණ තරුණියන්ගේ කුසලතා විදහා දැක්වෙන සංස්කෘතිය ප්‍රසංගය නැරඹීමට ද ජනාධිපතිවරයා එක්විය.

මෙම වසර තුළ රට බංකොලොත්භාවයෙන් මුදවා ගැනීමෙන් අනතුරුව රැකියා විරහිත තරුණ තරුණියන්ට රැකියා අවස්ථා ලබාදීමේ වැඩසටහන ආරම්භ කරන බව ජනාධිපතිවරයා පැවසයි.

ඒ සමඟ අපනයන ආර්ථිකයක් නැවත ඇති කිරීම වෙනුවෙන් පෞද්ගලික සමාගම් සමඟ සම්බන්ධ වී නවීන කෘෂිකර්මය ගමට ගෙන යාමේ වැඩපිළිවෙළ ලබන වසරේ සිට ආරම්භ කරන බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ” උතුරු පළාතේ භාවිතයට නොගත් ඉඩම් විශාල ප්‍රමාණයක් තිබෙන බව අද මෙතැනදී සඳහන් වුණා. යාපනය පමණක් නොව ශ්‍රී ලංකාවේ අනෙක් ප්‍රදේශවල ද භාවිතයට නොගත් ඉඩම් විශාල ප්‍රමාණයක් තිබෙනවා. එම ඉඩම් වගා කටයුතුවලට ද යොදාගෙන නැහැ. නමුත් ඈත අතීතයේ අපේ රටේ කෘෂිකර්මාන්තය අපනයන මට්ටමක පැවතුණා. අනුරාධපුර රජ දවසේදී ශ්‍රී ලංකාව ධාන්‍යය අපනයනය කළා. ඉන් පසුව තේ, කෝපි, කුරුඳු, රබර් වැනි බෝග අපනයනය කළා. නමුත් මේ වන විට මෙම අපනයන කටයුතු අඩාල වී තිබෙනවා.

එම නිසා කෘෂිකර්මාන්තය නවීකරණය කර අපනයන ආර්ථිකයක් නැවත ඇති කිරීමට කටයුතු කළ යුතුයි. තරුණ තරුණියන්ට ද කෘෂිකර්මයේ යෙදීමට අවස්ථාව ලබාදිය යුතුයි. රජය සහ පෞද්ගලික සමාගම් එක්ව සුහුරු කෘෂිකර්මාන්තය ගමට හඳුන්වාදීමට අප බලාපොරොත්තු වෙනවා. එමඟින් ශ්‍රී ලංකාවට ඩොලර් ඉපයීමට ඇති හැකියාව ඉතා ඉහළයි. පසුගිය සතියේ කෑගල්ල ප්‍රදේශයේ මා නිරීක්ෂණ චාරිකාවකට එක්වුණා. එහිදී නවීන කෘෂිකර්මාන්තය භාවිත කරන ව්‍යවසායකයෙක් දැකගන්නට ලැබුණා. මේ වන විට රටට අවශ්‍ය වන්නේ එවැනි ව්‍යවසායකයන් බව කිව යුතුයි.

වර්ග අඩි 5000කින් ඉහළ ආදායමක් ලබා ගැනීමට නවීන කෘෂිකර්මාන්තය මඟින් හැකියාව තිබෙනවා. හෙක්ටයාර් එකකින් මෙට්‍රික් ටොන් අටක පමණ වී අස්වැන්නක් නෙළා ගැනීමට හැකි නවීන කෘෂිකර්මාන්තයක් අද තිබෙනවා.

එය භාවිතයට ගැනීම තුළින් අපනයන ආර්ථිකයක් මෙන්ම නොවැටෙන ආර්ථිකයක් නිර්මාණය කළ හැකියි.

ඒ වගේම සංචාරක ව්‍යාපාරය සංවර්ධනය කිරීමටත් රජය අවධානය යොමු කර තිබෙනවා. තවද පුනර්ජනනීය බලශක්තිය කෙරෙහි වැඩි අවධානයක් යොමු කර බලශක්තිය අපනයනය කිරීමටත් බලාපොරොත්තු වෙනවා.

කිලිනොච්චිය, මන්නාරම සහ යාපනය ප්‍රදේශවල සුළං විදුලිය උත්පාදනය කිරීමට හැකියාව තිබෙනවා. එම විදුලි බලය අප නිපදවන්නේ මෙගාවොට්වලින් නොව ගිගාවොට්වලින් බව පැවසිය යුතුයි. වැව් මත සූර්ය පැනල ස්ථාපනය කරමින් විදුලිය උත්පාදනය කිරීමටත් රජයේ අවධානය යොමුව තිබෙනවා.

පූනරීන් සහ ඉරණමඩු යන වැව් මේ සඳහා භාවිත කිරීමට සැලසුම් කර තිබෙනවා. පුනර්ජනනීය බල ශක්තිය වැඩි වශයෙන් නිපදවීමට හැකියාව තිබෙන්නේ උතුරු පළාතටයි. එසේම මෙගාවොට් 700ක ධාරිතාවයකින් සමන්විත ආසියාවේ ලොකුම සූර්ය පැනල බැටරිය මෙම ප්‍රදේශයේ ස්ථාපිත කිරීමට අප කටයුතු කරනවා. එය ආරම්භයක් පමණයි. මේ සමඟ ආසියාවේ විශාලතම පුනර්ජනනීය බල ශක්තිය උත්පාදන මධ්‍යස්ථානය බවට උතුර පත් කළ හැකියි. බලශක්ති ක්ෂේත්‍රයේ ඉදිරියට යාමේදී මීට වඩා විදුලි උත්පාදනයක් සිදු කළ යුතුයි.

එනිසා ඉන්දියාවේ අදානි සමාගම සමඟ ද පුනර්ජනනීය බල ශක්තිය උත්පාදනය සඳහා අප ගිවිසුම් අත්සන් කිරීමට කටයුතු කර තිබෙනවා. කන්කසන්තුරය සිමෙන්ති සංස්ථා භූමිය කේන්ද්‍ර කරගෙන ආයෝජන කලාපයක් පිහිටුවීමට නියමිතයි. මාන්කුලම ප්‍රදේශයේ ද ආයෝජන කලාපයක් පිහිටුවීමට ද බලාපොරොත්තු වෙනවා. අපේ ධීවරයන් වෙනුවෙන් අපේ මුහුද ආරක්ෂා කර ගැනීමට අපට වගකීමක් තිබෙනවා. නවීන ධීවර ක්‍රම තුළින් ධීවර කර්මාන්තය ද දියුණු කරනවා.

පසුගිය වසර හතරක කාලය තුළ ශ්‍රී ලංකා ආර්ථිකය විශාල වශයෙන් පසුබෑමකට ලක්වුණා. එහිදී ජනතාව විශාල ලෙස දුක් පීඩාවට ලක්වුණා. වර්තමානය වන විට රට බංකොලොත්භාවයෙන් මිදෙමින් තිබෙනවා. රට බංකොලොත්භාවයෙන් ඉවත් වූවායින් පසුව රැකියා විරහිත තරුණ තරණියන් රැකියා ලබාදීමටත් බලාපොරොත්තු වෙනවා. මේ වන විටත් ආර්ථික පරිවර්තන නීති පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ගෙනවිත් තිබෙනවා. එමඟින් අපනයනය පදනම් කරගත් ආර්ථිකයකයට පරිවර්තනය වීමට අප බලාපොරොත්තු වෙනවා. වියට්නාමය, මැලේසියාව, තායිලන්තය වැනි අපනයනය පදනම් වූ ආර්ථිකයක් මෙරට ද ගොඩනැඟිය යුතුයි.

ඒ වගේම ඔබේ ඉල්ලීම පරිදි ඉදිරි මාස දෙක තුළදී දකුණු ඉන්දීය කලාකරුවන් සමඟ විශාල ප්‍රසංගයක් යාපනයේ පැවැත්වීමට කටයුතු කරන ලෙස මා ජාතික තරුණ සේවා සභාවේ සභාපතිවරයාට දැනුම් දුන්නා. බංකොලොත් ආර්ථික‍යෙන් රට මුදවාගෙන ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ දැමීමට රජයක් හැටියට අප ඉදිරියටත් කටයුතු කරනවා යැයි ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

මෙම අවස්ථාවට අමාත්‍ය ඩග්ලස් දේවානන්ද, උතුරු පළාත් ආණ්ඩුකාර පී. එස්.එම්. චාල්ස්, ජාතික තරුණ සේවා සභාවේ සභාපති/අධ්‍යක්ෂ ජනරාල් පසිඳු ගුණරත්න යන මහත්ම මහත්මීන් ඇතුළු තරුණ තරුණියන් විශාල පිරිසක් එක්ව සිටියහ.

Post Views: 17,949
Previous Post

යුද්ධය නිසා උතුරු නැගෙනහිරට බලපෑ ප්‍රශ්න කඩිනමින් අවසන් කරනවා – ජනපති

Next Post

රට විනාශ කළ රාජපක්ෂලා එක්ක ඩීල් නැත්තේ අපි විතරයි – විපක්ෂ නායක සජිත්

editor ttvnews

editor ttvnews

Next Post
කයිවාරුවෙන් සහ භේදබින්නවලින් තොරව තමන්ට වඩා රට ගැන සිතා අප කටයුතු කරමු – විපක්ෂ නායක සජිත්

රට විනාශ කළ රාජපක්ෂලා එක්ක ඩීල් නැත්තේ අපි විතරයි - විපක්ෂ නායක සජිත්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025

Recent News

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved