• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

‘ආ කෙල්ලේ කොහොමද? – ඕලුගල සර්!

15 October 2025
in දේශීය, පුවත්
‘ආ කෙල්ලේ කොහොමද?  – ඕලුගල සර්!
0
SHARES
27
VIEWS
Share on FacebookShare on Twitter

මට හිතුණ කවද හරි ඕලුගල සර් ඇවිත් මාව ඇරස්ට් කරයි කියල….
පාතාලයේ තවත් 5ක් සමග කොටුවුණු සංජීව ඝාතනයේ මහ මොළකාරිය කියයි….
පද්මෙගේ කල්ලියේ ‘ගම්පහ බබා’ ඕලුගලට ලක්ෂ 50ක කප්පමක් දී බේරී යෑමට හදලා..
සමාන රූපයක් ඇති ‘චාවකච්චේරියේ තක්ෂිගේ’ නමින් පාස්පෝට් හදාගෙන….
ඉෂාරා යුරෝපයට පනින්න ඉඳලා…
බෝට්ටුවකින් නේපාලයට ගෙන ගියේ ජේ.කේ. බායි..
ඒ එස් පී ඕලුගලගේ දින 3ක නේපාල ක්‍රියාන්විතයක්…

“මට හිතුණ කවද හරි ඕලුගල සර් ඇවිත් මාව ඇරස්ට් කරයි කියලා. මාස 07ක් තිස්සේ නේපාලෙ හිරවෙලා ඉඳලා මට ඇතිවෙලා හිටියේ. මෙහෙම ඉන්නවට වැඩිය ලංකාවට යන එක සැපයි කියලා හිතුණා. ඒත් ලංකාවට ගියාම පොලිසියට අහුවෙන නිසා මෙහෙට වෙලා හිටියා”

යැයි ඉෂාරා සෙව්වන්දි නමැති සැකකාරිය නේපාලයේදී අත්අඩංගුවට ගත් අවස්ථාවේ කියා සිටියාය.
ගණේමුල්ලේ සංජීව නමැති පාතාල නායකයා කොළඹ අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේදී වෙඩි තබා ඝාතනය කිරීමේ සැලසුමේ මහ මොළකාරිය ලෙස සැලකෙන ඉෂාරා සෙව්වන්දි නේපාලයේ බක්තපූර් දිස්ත්‍රික්කයේ තිබ්බස් පාර්ක් ප්‍රදේශයේ සුඛෝපභෝගී නිවසක සැඟවී සිටියදී පෙරේදා (13 වැනිදා) රාත්‍රියේ අත්අඩංගුවට ගන්නා ලදී.

මෙම සැකකාරිය සමග පාතාල සාමාජිකයන් ඇතුළු පුද්ගලයන් සිව්දෙනකු ද පොලිසිය අත්අඩංගුවට ගෙන තිබිණි.
පෑලියගොඩ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරි රොහාන් ඕලුගල සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් පරීක්ෂක ගිහාන් ද සිල්වා මහත්වරුන් විසින් දින තුනක් තිස්සේ නේපාලයේ කළ වැටලීමකදී මෙම පාතාල කල්ලිය කොටුකර ගැනීමට හැකි විය.
නේපාල පොලිසිය සහ ජාත්‍යන්තර පොලිසියේ සහාය ඇතිව එහි නිලධාරීන් සමග ගිය රොහාන් ඕලුගල මහතා පෙරේදා රාත්‍රියේදී මෙම අපරාධකරුවන් අත්අඩංගුවට ගෙන තිබිණි.
පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංක කරවිට මහත්වරුන්ගේ පූර්ණ අධීක්ෂණය යටතේ පෑලියගොඩ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරි රොහාන් ඕලුගල සහ පොලිස් පරීක්ෂක ගිහාන් ද සිල්වා මහත්වරුන් විසින් මෙම මෙහෙයුම ක්‍රියාත්මක කරනු ලැබුවේ ඉකුත් සෙනසුරාදා (11 වැනිදා) සිටය.
කෙහෙල්බද්දර පද්මේගෙන් ප්‍රශ්න කිරීමේදී ඉෂාරා සෙව්වන්දි සැඟවී සිටින ස්ථානය හඳුනාගැනීමට පොලිසිය සමත් වී ඇත. මෙම මෙහෙයුම රොහාන් ඕලුගල මහතාගේ මූලිකත්වයෙන් ආරම්භ කළේ ඉන් අනතුරුවය.
නේපාල පොලිසිය සහ ජාත්‍යන්තර පොලිසිය දැනුවත් කිරීමෙන් අනතුරුව මෙම මෙහෙයුම සඳහා ඔවුන්ගේ සහාය ලබාගැනීමට පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් කටයුතු කර තිබිණි.
ඒ අනුව රොහාන් ඕලුගල සහ ගිහාන් ද සිල්වා මහත්වරුන් නේපාලයේ කත්මන්දු නගරය වෙත ගොස් එරට පොලිසිය හමුවී මෙම මෙහෙයුම පිළිබඳව සාකච්ඡා කර ඇත.
පසුව එරට පොලිසියේ ද සහාය ඇතිව මෙහෙයුම ආරම්භ කළ පොලිස් නිලධාරීන් ඉෂාරා සෙව්වන්දි සහ සෙසු පාතාල අපරාධකරුවන් සැඟවී සිටින ස්ථාන නිවැරදිව හඳුනාගෙන තිබේ.
ඉෂාරා සෙව්වන්දි සැඟවී සිට ඇත්තේ කත්මන්දු නගරයේ බක්තපූර් තිබ්බස් පාර්ක් ප්‍රදේශයේ සුපිරි නිවසකය. පැරණි නගරයක් වූ මෙම ප්‍රදේශයේ සුපිරි නිවාස ඉහළ මිල ගණනන් යටතේ කුලියට ලබාදී ඇත.
රොහාන් ඕලුගල සහ පොලිස් පරීක්ෂක ගිහාන් ද සිල්වා නවාතැන් ගෙන ඇත්තේ ඉෂාරා සෙව්වන්දි සැඟවී සිටි සුපිරි නිවසට යාබද නිවසේය.
එම නිවසේ සිට සිය මෙහෙයුම ආරම්භ කළ රොහාන් ඕලුගල ඉෂාරා සෙව්වන්දිගේ සහායකයා ලෙස කටයුතු කළ කෙනඩි බස්තියන්පිල්ලේ හෙවත් ‘ජේ.කේ. බායි’ නැමැත්තා මුලින්ම අත්අඩංගුවට ගත්තේය.
ඉෂාරා සෙව්වන්දි ශ්‍රී ලංකාවේ සිට බෝට්ටුවක් මාර්ගයෙන් ඉන්දියාවට රැගෙන ගොස් පසුව එතැන් සිට නේපාලය දක්වා දුම්රියෙන් රැගෙන ගොස් ඇත්තේ ජේ.කේ. බායි නැමැත්තා විසින් බව පසුව හෙළිවිය.
ජේ.කේ. බායි අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමෙන් පසු ඉෂාරා සෙව්වන්දි සිටින ස්ථානය නිවැරදිව හඳුනාගත් රොහාන් ඕලුගල මහතා නේපාල පොලිසියේ ද සහාය ඇතිව ඇය අත්අඩංගුවට ගෙන ඇත.

රොහාන් ඕලුගල මහතා දුටු සැණින් තුෂ්නිම්භූත වූ ඉෂාරා සෙව්වන්දි ‘ඕලුගල සර්!’ යැයි කියමින් දිගු හුස්මක් ගෙන පිටකර ඇත.
එහිදී “ආ… කෙල්ලෙ කොහොමද?” යනුවෙන් පැවසූ රොහාන් ඕලුගල මහතා නේපාල පොලිසියේ කාන්තා නිලධාරිනියකගේ සහාය ඇතිව ඇය අත්අඩංගුවට ගෙන තිබේ.
පසුව ඇයගෙන් ප්‍රශ්න කිරීමේදී කෙහෙල්බද්දර පද්මෙගේ මත්ද්‍රව්‍ය ජාලයට සහ පාතාල කල්ලියට සම්බන්ධ තවත් අපරාධකරුවන් දෙදෙනකු සහ කාන්තාවක පිළිබඳ තොරතුරු අනාවරණය කරගෙන ඇත.
එම අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් ආරම්භ කර ඇත්තේ ඉන්පසුවය. නේපාලයේ කත්මන්දු නගරයේ වෙනත් ස්ථානයක සැඟවී සිටි අපරාධකරුවන් තිදෙනා අත්අඩංගුවට ගැනීමට පොලිස් නිලධාරීහු සමත් වූහ.
ඔවුන් අත්අඩංගුවට ගත් අවස්ථාවේ එහි සිටි කෙහෙල්බද්දර පද්මේ ගේ කල්ලියේ ප්‍රධානියකු වූ ගම්පහ බබා නමැති පාතාල ප්‍රබලයා රුපියල් ලක්ෂ 50ක අල්ලස් මුදලක් රොහාන් ඕලුගල මහතාට ලබාදී අත්අඩංගුවෙන් බේරී යෑමට උත්සාහ කළේය.
එහෙත් ඒ සියලු යෝජනා ප්‍රතික්ෂේප කළ රොහාන් ඕලුගල මහතා අපරාධකරුවන් තිදෙනා අත්අඩංගුවට ගෙන තිබිණි.
මෙහිදී අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර සිටි කාන්තාව චාවකච්චේරියේ පදිංචි තක්ෂි නැමැත්තිය බව හඳුනාගෙන ඇත. ඇය ඉෂාරා සෙව්වන්දිගේ රූපයට බෙහෙවින් සමාන රූපයක් හිමි කාන්තාවකි.

ඩුප්ලිකේට් සෙව්වන්දි

පසුව සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළි වී ඇත්තේ මෙම දෙමළ කාන්තාවගේ ඡායාරූප සහ දත්ත වාර්තා යොදාගෙන ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයක් සක්ස්කර ඉෂාරා සෙව්වන්දි ඇගේ නමින් යුරෝපයට පලා යෑමට සැලසුම්කර ගෙන සිටි බවයි.
ජේ. කේ. බායි නමැති සැකකරු ඒ සඳහා සියලු සහාය ලබාදීමට ඉදිරිපත්ව සිට ඇත්තේ කෙහෙල්බද්දර පද්මේගේ උපදෙස් මතය.
කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පාතාල කල්ලිය ඉන්දුනිසියාවේදී අත්අඩංගුවට ගැනීමෙන් පසු ඉෂාරා සෙව්වන්දිගේ සියලු සැලසුම් ව්‍යාර්ථ වූ බවද මේ වනවිට අනාවරණය වී ඇත.
මෙහිදී ඉෂාරා සෙව්වන්දිගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමේදී හෙළිවී ඇති තොරතුරු අනුව ගණේමුල්ලේ සංජීව ඝාතනය කිරීමෙන් පසු ඉෂරා සෙව්වන්දි දින කීපයක් තිස්සේ කොළඹ අවට ප්‍රදේශ කීපයක කට්ටි පනිමින් සැඟවී සිට ඇත.
පසුව ඇය මතුගම ප්‍රදේශයටත් එතැන් සිට මිද්දෙණිය ප්‍රදේශයටත් ගොස් ආරක්ෂිත ස්ථානවල නවාතැන් ගෙන සිටියාය.
මිද්දෙණිය ප්‍රදේශයට පැමිණි අවස්ථාවේ ජේ. කේ. බායි නැමැත්තා ඇය සමග එක්වී ඇත.
සෙව්වන්දිට මිද්දෙණියේ සැඟවී සිටීමට සම්පත් මනම්පේරි නමැති අපරාධකරුගේ සහාය ලැබුණේ ද යන්න සම්බන්ධයෙන් පොලිසියට සැකයක් මතු වී තිබේ.
පසුව ඉෂාරා සෙව්වන්දි රැගෙන යාපනයට පැමිණි ජේ. කේ. බායි නැමැත්තා බෝට්ටුවක් මාර්ගයෙන් ඇය ඉන්දියාවට රැගෙන යෑමට කටයුතු කර ඇත.
අපරාධකරුවන් නිත්‍යානුකූල නොවන මුහුදු මාර්ග ඔස්සේ වෙනත් රටවල්වලට රැගෙන ගොස් ඇරලවීමේ කාර්ය සිය රැකියාව ලෙස කරගෙන යන ජේ. කේ. බායි නමැත්තා සෙව්වන්දි රටින් පැන්නීම සඳහා ද රුපියල් ලක්ෂ ගණනක මුදලක් පද්මේගෙන් ලබාගෙන තිබේ.
ඉෂාරා සෙව්වන්දි ඉන්දියාවට රැගෙන ගිය ජේ. කේ. බායි සති දෙකකට ආසන්න කාලයක් එහි තබාගෙන පසුව දුම්රිය මාර්ගයෙන් නේපාලය වෙත රැගෙන ගොස් ඇත. දින 06ක දීර්ඝ දුම්රිය ගමනකින් පසුව ඉෂාරා සෙව්වන්දි නේපාල දේශ සීමා හරහා එරටට රැගෙන ගොස් ඇත්තේ තම සබඳතා පාවිච්චි කරගෙනය. පසුව කත්මන්දු නගරයේ නිවසක් කුලී පදනම මත ලබාගෙන ඉෂාරා සෙව්වන්දිට සැඟවී සිටීමට අවශ්‍ය පහසුකම් සලසා දී ඇත්තේ ජේ. කේ. බායි නමැති සැකකරු විසින් ය.
ඉකුත් පෙබරවාරි මස 19 වැනිදා පාතාල කල්ලි නායක ගණේමුල්ලේ සංජීව කොළඹ අලුත්කඩේ අධිකරණ සංකීර්ණය තුළදී වෙඩි තබා ඝාතනය කර තිබුණේ කෙහෙල්බද්දර පද්මේ ලබාදුන් නියෝගයක් මතය.
2025 මාර්තු 8 දා දිවයින අනාවරණය
පද්මේගේ කල්ලියේ න්‍යායාචාර්යවරයා ලෙස කටයුතු කරන කොමාන්ඩෝ සලින්ත විසින් මෙම ප්‍රහාරය සැලසුම් කර තිබිණි. කොමාන්ඩෝ සලිඳු නමැති හිටපු කොමාන්ඩෝ සෙබළා විසින් ගණේමුල්ලේ සංජීව වෙඩි තබා ඝාතනය කර තිබුණේ නීතිඥවරයකුගේ වෙස් ගෙන අධිකරණ ශාලාවට පැමිණීමෙන් පසුවය.
මෙම ප්‍රහාරයේ මෙරට මෙහෙයුම් කාර්ය ලෙස කටයුතු කර තිබුණේ ඉෂාරා සෙව්වන්දීය. ඇය ද අධිකරණය වෙත පැමිණ සිටියේ නීතිඥවරියකගේ වෙස් ගෙනය.
සති කීපයක් තිස්සේ කොමාන්ඩෝ සලිඳු සමග එකට සිටි ඉෂාරා සෙව්වන්දි ගණේමුල්ලේ සංජීව ඝාතනයේ මෙරට මෙහෙයුම ක්‍රියාත්මක කළ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය විය.
සංජීව ඝාතනය කිරීමෙන් පසු කොමාන්ඩෝ සලිඳු ඉන්දියාවට පලා යෑමේ අරමුණෙන් මන්නාරම ප්‍රදේශයට වෑන් රථයක යමින් සිටියදී පුත්තලම පෑලවිය ප්‍රදේශයේ දී පොලිසියට කොටු විය.
එහෙත් ඉෂාරා සෙව්වන්දි අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්ව තිබුණේ නැත. ඉෂාරා සෙව්වන්දි බෝට්ටුවක නැඟී ඉන්දියාවට පලා ගිය බව සංජීව ඝාතනයෙන් දින 17කට පසු ‘දිවයින’ පුවත්පත මගින් හෙළිකර තිබිණි.
ඉෂාරා සෙව්වන්දි නමැති කාන්තාව අවස්ථා කීපයකදීම ගණේමුල්ලේ සංජීව ඝාතනය කිරීමට සැලසුම් කර තිබිණි. සංජීව අත්තනගල්ල සහ ගම්පහ අධිකරණ වෙත රැගෙන එන අවස්ථාවලදී ඔහු ඝාතනය කිරීමේ සැලසුම් සකස් කර තිබුණේ ද ඉෂාරා සෙව්වන්දි විසින් ය.
නේපාලයේදී අත්අඩංගුවට ගත් මෙම සැකකාරිය ඇතුළු පිරිස මේ වනවිට එරට පොලිසිය භාරයේ රඳවා සිටිති.
පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංක කරවිට මහත්වරුන්ගේ උපදෙස් මත සහකාර පොලිස් අධිකාරි රොහාන් ඕලුගල, පොලිස් පරීක්ෂක ගිහාන් ද සිල්වා මහත්වරුන් විමර්ශන පැවැත්වූහ.
හේමන්ත රන්දුණු – නෝමන් පලිහවඩන

Post Views: 27
Previous Post

විෂ සහිත කැස්ස සිරප් 3 අනෙක් රටවලත් ? (WHO)අනතුරු ඇඟවීමක් නිකුත් කරයි

Next Post

මම මැරුණේ නැහැ – උදෙත් හොඳට තේ බිව්වා

Editor TTV News

Editor TTV News

Next Post
මම මැරුණේ නැහැ – උදෙත් හොඳට තේ බිව්වා

මම මැරුණේ නැහැ - උදෙත් හොඳට තේ බිව්වා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මම මැරුණේ නැහැ – උදෙත් හොඳට තේ බිව්වා

මම මැරුණේ නැහැ – උදෙත් හොඳට තේ බිව්වා

15 October 2025
‘ආ කෙල්ලේ කොහොමද?  – ඕලුගල සර්!

‘ආ කෙල්ලේ කොහොමද? – ඕලුගල සර්!

15 October 2025
විෂ සහිත කැස්ස සිරප් 3 අනෙක් රටවලත් ? (WHO)අනතුරු ඇඟවීමක් නිකුත් කරයි

විෂ සහිත කැස්ස සිරප් 3 අනෙක් රටවලත් ? (WHO)අනතුරු ඇඟවීමක් නිකුත් කරයි

15 October 2025
අදත් රත්‍රං මිල වැඩියි

අදත් රත්‍රං මිල වැඩියි

15 October 2025

Recent News

මම මැරුණේ නැහැ – උදෙත් හොඳට තේ බිව්වා

මම මැරුණේ නැහැ – උදෙත් හොඳට තේ බිව්වා

15 October 2025
‘ආ කෙල්ලේ කොහොමද?  – ඕලුගල සර්!

‘ආ කෙල්ලේ කොහොමද? – ඕලුගල සර්!

15 October 2025
විෂ සහිත කැස්ස සිරප් 3 අනෙක් රටවලත් ? (WHO)අනතුරු ඇඟවීමක් නිකුත් කරයි

විෂ සහිත කැස්ස සිරප් 3 අනෙක් රටවලත් ? (WHO)අනතුරු ඇඟවීමක් නිකුත් කරයි

15 October 2025
අදත් රත්‍රං මිල වැඩියි

අදත් රත්‍රං මිල වැඩියි

15 October 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මම මැරුණේ නැහැ – උදෙත් හොඳට තේ බිව්වා

මම මැරුණේ නැහැ – උදෙත් හොඳට තේ බිව්වා

15 October 2025
‘ආ කෙල්ලේ කොහොමද?  – ඕලුගල සර්!

‘ආ කෙල්ලේ කොහොමද? – ඕලුගල සර්!

15 October 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved