මේ අවස්ථාවේ රටට ඇඳිරි නීතිය පැනවීමේ අවශ්‍යතාවයක් නැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පවසයි.
මේ වන විට කොරෝනා වෛරසය ආසාදනය වූවන් රටපුරා ව්‍යාප්ත වීමේ ප්‍රවණතාවයක් නොමැති බවත් පවසන ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ ප්‍රශ්නයක් වුවහොත් පැන නැගුනොත් ඊට අවශ්‍ය අයුරින් පියවර ගන්නා බවත් ඔහු පවසයි.
මේ වන විට කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානයේ ඇතිවූ කොරෝනා වෛරස පොකුරෙන් රෝගීන් 532ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා සඳහන් කර සිටියි.
එලෙස වාර්තාවූ පුද්ගලයින් ගෙන් 25 දෙනෙකු කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානයේ සේවය කළ පුද්ගලයින් ගේ නිවෙස් වල පුද්ගලයින් වන බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා පැවසීය.
නව කොරෝනා වෛරසයේ රෝග ව්‍යාප්තිය සම්බන්ධයෙන් කිසිදු පුවතක් සැඟවීමට අවශ්‍ය නොවන බවත් සෑම තොරතුරක්ම ජනතා දැනුවත් කිරිමට පියවර ගන්නා බවයි සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා වැඩිදුරටත් පවසයි.
කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානයේ කොරෝනා පොකුරත් සමග PCR පරීක්ෂණ 3000ක් සිදුකොට එහි ප්‍රථිපල ලැබී ඇති බවත් ඉදිරියේදී දිවයිනේ ස්ථාන රැසක දී PCR පරීක්ෂණ සිදුකරනු ලබන බවද ඔහු පවසයි.