සෞඛ්‍ය අමාත්‍යවරයා ධනාත්මකව ගැටලු වලට විසදුම් ලබා දෙමින් සිටින නමුත් නිලධාරීන් විසින් අමාත්‍යවරයාගේ කකුලෙන් අදිනවා යැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ පවසා සිටින්නේ ගුණාත්මක වෛද්‍ය සේවයක් ලබා දීමට නම් වෛද්‍යවරු නිසි තැන ස්ථානගත වීම වැදගත් බවයි.
එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ චමිල් විජේසිංහ
ශ්‍රේණි වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරුවීම් ගැටලුවකට පත් කර තිබෙනවා. නීති විරෝධි ඉවත් කිරීම් තියනවා. වෛද්‍යවරු 10000 ක් ඉන්නේ ඉන්න ඕන තැන නෙවෙයි. දුෂ්කර සේවාව කප්පාදු කර තිබෙනවා.මේවා ගැන අපි සාකච්ඡා කලා. නමුත් ගැටලු විසදුනේ නෑ.
අපි වර්ජන කරන්න කැමැති නෑ.නමුත් ඒ තැනට යන්න වෙනවා.මේ කරන්නේ වෛද්‍යවරුන්ට රට එපා කරවීමක්.සෞඛ්‍ය ඇමතිතුමා යම් කාරණා වලට එකග උනා.
ධනාත්මක සාධනීය ප්‍රවේශයන් තිබුනා. ඒ නිසා වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටෙව්වා. යම් එකගතා ටිකට ඇවිත් තිබෙනවා. සෞඛ්‍ය ඇමතිතුමා ධනාත්මක ප්‍රවේශයකට ඇවිත් තිබෙනවා. නමුත් නිලධාරීන් කකුලෙන් අදින තත්වයක් අපි දකිනව. සෞඛ්‍ය ඇමතිතුමාට ගැටලු ඇති කරන්න වුවමනාවක් නෑ. නමුත් මේ නිලධාරීන් උත්සාහ කරන්නේ පසුගිය කාලයේ වගේ මේ අමාත්‍යවරයාත් අදුරු යුගයකට ඇදලා දාන්නද කියලා ප්‍රශ්නයක් තිබෙනවා. වැඩ වර්ජන වලට නොගිහින් ප්‍රශ්නෙ විසදන්න අපි නම්‍යශීලීයි. මේ අනතුරේ හෙලන්නේ ජන ජීවිත. ඒ අතරේ නිලධාරීන් විසින් සෞඛ්‍ය අමාත්‍යවරයා අමාරුවේ දමමින් සිටිනවා. අපි මේ ගැන යලි සෞඛ්‍ය අමාත්‍යවරයා දැනුවත් කලා. මේවා සෞඛ්‍ය අමාත්‍යවරයා විසදන්න ඕන ප්‍රශ්න නෙවෙයි. මේවා නිලධාරීන් කරන්න ඔන දේවල්. ඇමතිතුමාට ගොඩක් වැඩ තියනවා.ඒ අතරේ ඇමතිතුමාගේ කකුලෙන් අදිනවා.මහජන වරම තියෙන්නේ හරි දේ කරන්නයි.
මේ නිසා අශ්වයා පැනලා යන්න කලින් තීන්දු ගන්න ඕන. අපේ බලාපොරොත්තුව මේක සාකච්ඡාවෙන් විසදන්නයි.හැබැයි නිලධාරීන් මේක තවදුරටත් කරනවා නම් කල්දැමූ වර්ජනය ගැන අලි සිතන්න වෙනවා.