පකිස්ථානයේ මැදිහත් වීමෙන් ඇමරිකාව සහ ඉරානය අතර ඉස්ලාමාබාද් නුවරදී අද (අප්‍රේල් 10) ආරම්භ වීමට නියමිතව තිබූ තීරණාත්මක සාම සාකච්ඡා හදිසියේම හෙට පෙරවරු දක්වා කල් දමා තිබේ. ඇමරිකානු රහස් ඔත්තු සේවා කණ්ඩායම් සහ මෙහෙයුම් නිලධාරීන් දැනටමත් ඉස්ලාමාබාද් වෙත ළඟා වී සිටියද, ඇමරිකානු උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස් (JD Vance) මහතා හෝ ඉරාන නියෝජිත පිරිස මෙතෙක් පකිස්ථානයට පැමිණ නොමැති බව වාර්තා වේ.
දැනට ප්‍රකාශයට පත් කර ඇති සටන් විරාමය දැඩි අර්බුදයකට ලක්ව ඇත්තේ ඊශ්‍රායලය විසින් ලෙබනනයට එල්ල කරන දරුණු ගුවන් ප්‍රහාර සහ හෝමූස් සමුද්‍ර සන්ධියේ (Strait of Hormuz) පාලනය පිළිබඳව මතුව ඇති ආරවුල් හේතුවෙනි. සාකච්ඡා සඳහා පදනම ලෙස ඉරානය විසින් කරුණු 10කින් යුත් සැලැස්මක් ඉදිරිපත් කර ඇති අතර, ඇමරිකාව පෙන්වා දෙන්නේ එහි අඩංගු බොහෝ කරුණු පිළිගත නොහැකි මට්ටමේ පවතින බවයි. මෙම රාජ්‍යතාන්ත්‍රික ගැටලු හමුවේ හෙට දිනයේ සාකච්ඡා ආරම්භ වනු ඇත්ද යන්න පිළිබඳව ජාත්‍යන්තරය අවධානයෙන් පසුවෙයි.
මුලාශ්‍රය – @MarioNawfal / Al Arabiya / Dawn News













