වෙනිසියුලාවට එරෙහි මෙහෙයුම් යටතේ අමරිකානු අත්අඩංගුවට ගත් තෙල් නැව් දෙකක්, බදාදා පුවර්ටෝ රිකෝ දූපත අසලදී දක්නට ලැබුණු බව විදෙස් පුවත් වාර්තා කරනවා.
මෙම නැව් අත්අඩංගුවට ගැනීමෙන් පසුව ඒවා පිළිබඳ තොරතුරක් වාර්තා වූ පළමු අවස්ථාව මෙයයි.
ඒවායේ ගමනාන්තය පිළිබඳව මෙයින් ඉඟියක් ලැබෙන බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.
ජනවාරි 7 වනදා වෙනිසියුලානු තෙල් ප්‍රවාහනය කරමින් තිබියදී මෙම නැවු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම නැවු වන්නේ M Sophia නම් සුපිරි තෙල් නැව සහ මීට පෙර වෙනිසියුලානු තෙල් ප්‍රවාහනය කළ, පසුගිය සතියේදී හිස්ව තිබියදී අත්අඩංගුවට ගත් Galileo හෙවත් පෙර Veronica නම් වූ නැවයි.
වෙනිසියුලානු තෙල් අපනයනයට සම්බන්ධ නැව් 7ක් පසුගිය සති කිහිපය තුළ ඇමරිකානු හමුදාව සහ වෙරළාරක්ෂක බලකාය කැරිබියන් මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
නැව්වල පිහිටීම පෙන්වන සංඥා ක්‍රියාත්මක කර නොතිබූ බැවින් ඊයේ තෙක් ඒවා තිබූ ස්ථානයක් අනාවරණය වී තිබුණේ නැහැ.
අත්අඩංගුවට ගත් අනෙක් නැව් 5 මේ වන විට ඇමරිකානු ගල්ෆ් වෙරළ තීරය, වෙනිසියුලානු මුහුදු සීමාව සහ ස්කොට්ලන්තය ආශ්‍රිතව පවතිනවා.
ට්‍රම්ප් පනවා ඇති අවහිර කිරීම් නිසා දෙසැම්බර් මාසයේදී තෙල් අපනයනය සම්පූර්ණයෙන්ම පාහේ නැවතුනා.
ජනවාරි මාසයේදී ඇමරිකානු අධීක්ෂණය යටතේ යළි තෙල් අපනයනය ආරම්භ වුවද තෙල් බැරල් මිලියන ගණනක් තවමත් ගබඩාවල ඉතිරිව පවතිනවා.
තෙල් වෙළඳාමට සම්බන්ධ තවත් නැවු අත්අඩංගුවට ගැනීම සඳහා ඇමරිකානු රජය අධිකරණ වරෙන්තු ලබා ගැනීමට උත්සාහ කරමින් සිටින බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.
Sagitta නම් නෞකාව ද පසුගිය දිනවලදී අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.














