ඇඹිලිපිටිය පොලිස් කොට්ඨාසයට අයත් ප්‍රදේශ කිහිපයක මධ්‍යම රාත්‍රියේ සිදුවන අභිරහස් සොරකම් මාලාවක් හේතුවෙන් ප්‍රදේශවාසීහු දැඩි භීතියට පත්ව සිටිති. “නින්ජා” සොරෙකු ලෙස හඳුන්වනු ලබන මෙම පුද්ගලයා මුළු සිරුරම සහ මුහුණ ආවරණය වන සේ ඇඳුම් ඇඳ ඉතා සූක්ෂ්ම ලෙස නිවාසවලට ඇතුළු වන අයුරු CCTV කැමරාවල සටහන් වී ඇත.
ප්‍රදේශවාසීන් පවසන පරිදි, සොරා දරුණු සුනඛයන් සිටින නිවෙස්වලට පවා කිසිදු බාධාවකින් තොරව ඇතුළු වේ. නිවැසියන්ට සහ සුනඛයන්ට යම් මත්ද්‍රව්‍යයක් මුදා හැර නිවසට ඇතුළු වන බවට සැක පළ කෙරේ.
වෛද්‍යවරුන්, නීතිඥයන් සහ ව්‍යාපාරිකයන්ගේ නිවාස රැසක් දැනටමත් මෙලෙස කොල්ලකා ඇත.
පොලිස් නිලධාරීන්ගේ දැඩි හිඟය හේතුවෙන් විමර්ශන කටයුතු ප්‍රමාද වී ඇති බවත්, පවතින පහසුකම් යටතේ උපරිම උත්සාහයක් දරන බවත් පොලිසිය පවසයි.














