ඇල්ලේ බස් රථ අනතුරට හේතුව පොලිසිය විසින් පවසා තිබෙනවා.
පොලිසිය පවසන්නේ සිදු වූ රිය අනතුර සම්බන්ධයෙන් රියදුරා වගකිව යුතු බවයි.
රියදුරුගේ නොසැලකිලිමත්බාවය නිසාත් රියදුරුට බස් රථය පාලනය කරගැනිමට නොහැකියාව නිසා මාර්ගයෙන් ඉවතට පැන මෙම අනතුර සිදු වී තිබෙන බවයි රථ වාහන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ මහතා පැවසුවේ.
වැඩිදුරටත් ඉන්දික හපුගොඩ මහතා මෙසේ ද පැවසුවා.
“ඇල්ල – රාවනා ඇල්ල මාරක රිය අනතුර සම්බන්ධයෙන් විශේෂයෙන්ම පරික්ෂණ පවත්වනවා මෝටර් රථ පරික්ෂවරුන් ගිහිල්ලා පරික්ෂා පැවැත්වුවා. මේ සම්බන්ධයෙන් විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් ඒ බදුල්ල, බණ්ඩාරවෙල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ උපදෙස් හා නියෝග පරිද මේ අනතුර සම්බන්ධයෙන් පරික්ෂණ හා විමර්ශන සිදුවෙනවා. මෙහිදී විශේෂයෙන්ම බස් රථයේ රියදුරුගේ නොසැළකිලිමත්කම නිසා මෙම අනතුර සිදුවෙලා තිබෙන්නේ. වයස අවුරුදු 25ක පුද්ගලයෙක් තමයි බස් රථයේ රියදුරු ලෙස කටයුතු කරලා තියෙන්නේ. රියදුරුට රථය පාලනය කර ගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැනලා එම මාර්ගයෙන් ප්‍රපාතයට වැටීමෙන් තමයි මෙම අනතුර සිදුවෙලා තියෙන්නේ”