ඇල්ල සංචාරක නගරය ආසන්නයේ පිහිටි ඇල්ල කන්ද (Ella Rock) ප්‍රදේශයේ හටගත් ගින්න අද (14) තවදුරටත් පැතිර යමින් පවතින අතර, එය නිවා දැමීම සඳහා බලධාරීන් කටයුතු කරමින් සිටී.
ගින්න නිවා දැමීමේ කටයුතුවලට බණ්ඩාරවෙල වන සංරක්ෂණ නිලධාරීන්, ඇල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ දියතලාව ගුවන් හා යුද හමුදා නිලධාරීන් ඊයේ (13) රාත්‍රියේ සිට මෙහෙයවමින් සිටීන බව වාර්තා වේ.
ඇල්ල රක්ෂිතයේ හටගත් මෙම ගින්න මේ වන විට අක්කර 20 ක පමණ ප්‍රදේශයක පැතිර ගොස් තිබෙන බවත් අධික සුළං සහ බෑවුම් හේතුවෙන් ගින්න පාලනය කිරීම අපහසු වී ඇති බවත් අදාළ නිලධාරීන් පවසා සිටියේය.
වනජීවි කලාපයට ඉහළින් පිහිටි වන සංරක්ෂණ කලාපයට ගින්න ඇතුළුවීම වැළැක්වීම සඳහා වන වගා මායිමේදී ගිනි පටි කපා ඇති බව වන සංරක්ෂණ නිලධාරීන් පවස.
මෙම ගින්න නිසා පරිසරයට හානි සිදුවීම වැළැක්වීම සඳහා බලධාරීන් දැඩි ලෙස කටයුතු කරමින් සිටින බවත් ගින්න පැතිරීමේ වේගය අඩු කිරීමට ඔවුන්ගේ උත්සාහයන් දිගින් දිගටම පවතින බවත් ඔවුන් පවසති.
සංචාරකයින් හා ප්‍රදේශවාසීන්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා අදාළ අධිකාරීන් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති අතර, ගින්නට අදාළ ප්‍රදේශවලට ගමන් කිරීම වැළැක්වීමට ඉල්ලා සිටී.