වයස අවුරුදු 19න් පහළ එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 6 වටයේ ශ්‍රී ලංකාව ක්‍රීඩාකරන තරගය අද පැවැත්වෙනවා.
ඒ ඇෆ්ගනිස්තානයට එරෙහිවයි.
තරගය මෙරට වෙලාවෙන් පස්වරු 1.00ට ආරම්භ වීමට නියමිතයි.
ඒ නැමීබියාවේ වින්ඩ්හෝක්හිදී.
ඇෆ්ගනිස්ථානය මෙතෙක් පැවති තරඟ සියල්ලම ජය ගෙන තිබෙනවා.
ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට අද තරඟය ජයගැනීම ඉතාමත් වැදගත් වනු ඇති.
ශ්‍රී ලංකාව සුපිරි 6 වටයේ පළමු කාණ්ඩය යටතේ ක්‍රීඩා කරනවා.
මෙම කාණ්ඩයට ඕස්ට්‍රේලියාව, ඇෆ්ගනිස්ථානය, බටහිර ඉන්දීය කොදෙව්, දකුණු අප්‍රිකාව සහ අයර්ලන්තය යන කණ්ඩායම් ඇතුළත්.
තරඟාවලිය සඳහා සත්කාරකත්වය දක්වන්නේ නැමීබියාව සහ සිම්බාබ්වේ යන රටවල් දෙකයි.














