උතුරු ඇෆ්ගනිස්තානයේ මසාර්-ඊ ෂරීෆ් (Mazar-i-Sharif) නගරය සහ එයට ආසන්න ප්‍රදේශ කිහිපයක් දැඩි භූකම්පනයකින් බරපතළ ලෙස බලපෑම් වු අතර, මේ වන විට මියගිය පුද්ගලයින් ගණන 20ක් දක්වා ඉහළ ගොස් තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා අනුව, තවත් පුද්ගලයින් 260කට අධික සංඛ්‍යාවක් තුවාල ලබා ඇති අතර බොහෝ අය තවමත් කඩා වැටුණු ගොඩනැගිලිවල සුන්බුන් අතර සිරව සිටින බව වාර්තා වේ.
රිච්ටර් මාපකයේ ඒකක 6.3ක ප්‍රබලත්වයකින් වූ මෙම භූකම්පනය, පසුගිය 02 දා රාත්‍රියේ දී සිදුවූ බවත් එමගින් මසාර්-ඊ ෂරීෆ් නගරයට මෙන්ම සමාන්ගාන්, බල්ඛ් සහ ජෝව්ජාන් ප්‍රදේශවලටද දැඩි බලපෑම් සිදුවූ බවද ඇෆ්ගනිස්ථාන අධිකාරීන් සඳහන් කරති.
ආරක්ෂක සහ බේරීම් හමුදා ඒකක මේ වන විට සුන්බුන් අතර සිරවූවන් සොයා මෙහෙයුම් ආරම්භ කර ඇති අතර, මියගිය හා තුවාල ලැබූ පුද්ගලයින් සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවද ඔවුන් පවසයි.
ඇෆ්ගනිස්තානය භූකම්පනවලට ප්‍රවණ රටක් වන අතර, පසුගිය අගෝස්තු මස ද එම රටේ දකුණු-බටහිර ප්‍රදේශවල සිදු වූ භූකම්පනයකින් පුද්ගලයින් 2,200කට අධික සංඛ්‍යාවක් මියගොස් තිබුණි.
විපතේදී පීඩාවට පත්වූ ජනතාව බේරා ගැනිමේ කටයුතු, තුවාලකරුවන් සඳහා වෛද්‍ය උපකාර සහ ආධාරික පද්ධති ක්‍රියාත්මක කිරීම සඳහා ජාත්‍යන්තර ආයතන කිහිපයක් ද සහය දැක්වීමට පියවර ගෙන තිබේ.














