බැංකු කාඩ්පත් මගින් බස් ගාස්තු ගෙවීමේ නව සේවාව අද (24) මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ දී අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වුණා.
මෙහි දී බස් රථ රියදුරන් මත්ද්‍රව්‍ය භාවිතයේ නිරත වී ඇති දැයි සෞඛ්‍ය පරීක්ෂණයන්ද ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය මගින් සිදු කර තිබෙනවා.
අද සිට මාකුඹුර–මාතර, මාකුඹුර–ගාල්ල, මාකුඹුර–බදුල්ල හා කොළඹ–අම්පාර අධිවේගී මාර්ග බස් රථ සඳහා බැංකු කාඩ්පත් මගින් ගෙවීම් ක්‍රමය ක්‍රියාත්මක වනවා.
හෙට (25) සිට කොළඹ–වවුනියාව, කඩවත–මහරගම, මාකුඹුර–තංගල්ල සහ මාකුඹුර–අඟුණුකොලපැලැස්ස බස් රථ සේවාව සදහා මෙම ගෙවීම් ක්‍රමය හඳුන්වාදීමට නියමිතයි.
බස්නාහිර පළාත් මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති ගාමිණී ජාසිංහ මහතා සඳහන් කළේ, දෙසැම්බර් මාසයේදී පළාතේ සියළු අධිවේගී බස් රථ සඳහාත්, 2026 අවසානය වන විට බස්නාහිර පළාතේ සියලුම බස් රථ සඳහාත් බැංකු කාඩ්පත් ගෙවීම් පද්ධතිය ක්‍රියාත්මක කරන බවයි.














