• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඉදිරි දශකයේ ලාංකීය දේශපාලනය හසුරුවන බලවේගය අපියි – දුමින්ද නාගමුව

13 October 2019
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

රටේ නිර්ධන, පීඩිත ජනතාව වෙනුවෙන් ඉදිරි දශකය තුළ දේශපාලනය හසුරුවන බලවේගය බවට පෙරටුගාමි සමාජවාදි පක්ෂය පත්කළ යුතු බව ජනාධිපතිවරණ අපේක්ෂක දුමින්ද නාගමුව මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ ‘විප්ලවීය වැඩපිළිවෙළක්-සටන්කාමී නායකත්වයක්’ යන තේමාවෙන් අද(13) කොළඹ, සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේ පැවති පෙ.ස.ප. 3 වැනි ජාතික මහ සමුළුව අමතමිනි.

එහිදී දුමින්ද නාගමුව විසින් කල සම්පුර්ණ කතාව පහත පරිදි වේ “පළමුවැනි ජාතික සමුළුවෙන් පසුව අපේ පක්ෂයේ විශාල පිරිසකට කුතුහලයක් ආවා මේක ඉස්සරහට යනවද නැද්ද කියලා එක මොහොතක විශාල චකිතයත් ආවා. රුසියානු විප්ලවයේ අත්දැකීමෙදි 1910 වෙද්දි ලෙනින් කියන දේ පිළිගන්න අය රුසියාවේ හිටිියේ දහයකටත් අඩුවෙන් කියලා ට්‍රොට්ස්කි කිව්වා.
2 වන සමුළුවේදී අපි කිව්වා පන්තියට පක්ෂයක් කියලා. අපි ඒ පක්ෂය නිර්මාණයක රලා ගොඩනනගලා තමයි මේ ඇවිත් ඉන්නේ. නිර්ධන පන්තියට විශ්වාසය තැබිය හැකි පක්ෂයක් නිර්මාණය කරලා තිබෙනවා. සටන්කාමී නායකත්වයක් සහිතව, ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ මොකක්ද කියලා අභ්‍යාස කරන පක්ෂයක් නිරමාණය කරලා තිබෙනවා. පෙරටුගාමී සමාජවාදී පක්ෂය මධ්‍යගත ප්‍රජාතන්ත්‍රවාදය ඉතාමත් පිරිපුන්ව අභ්‍යාස කළා. ඒ වගේම අපි අපට තව බොහෝ දුර යන්න තියෙනවා. ඒ වගේම බුද්ධිමය ක්ෂේත්‍රය තුළත් පසුගිය කාලයේ අප ලබාගත් දේශපාලන ජයග්‍රහණ තිබෙනවා. ඉතිහාසය තුළ මාක්ස් ලෙනින්වාදය බයිබල් පාඨ ලෙස කියවමින් ඉන්න පිරිසක් වගේම මාක්ස් ලෙනින්නවාදය අත්හැර නවලිබරල් මතවාද වාමාංශික ලෙස අර්ථදක්වන න්‍යාවාවාදීන් බිහිව සිටිනවා. මේ අතරට පසුගිය කාලයේ මතවාද ගොඩක් ආවා. පශ්චාත් මාක්ස්වාදීන්, පශ්චාත් නූතනවාදීන් ආදී වශයෙන් දේශපාලන චින්තන ධාරා බුද්ධිමය සංවාදයට එකතු වී තිබෙනවා. අපිත් පහුගිය අවුරදු හත අට තුළ අපි සමත් වෙලා තිබෙනවා ඒ ඕන මතවදායක් ඉදිරිපිට නොබියව මුහුණ දෙන්න වගේම මාක්ස් ලෙනින්වාදී පදනමව මත ඉඳගෙන ඒ මතවාදවල සාරවත් දේ උකහා ගන්න පුළුවන් අධ්‍යාපනික පක්ෂයක් සාරවත් පක්ෂයක් නිර්මාණය කරන්න පුළුවන් වෙලා තිබෙනවා.

මේ සියල්ලටමත් වඩා ඉදිරියෙන් අපි ගොඩනගලා තිබෙනවා, අපිට මැදිහත් වෙන්න පුළුවන් වුණු හැම අරගලභූමියකම සටන්කාමී ගුණය අපි පෙන්වලා තිබෙනවා. මේ රටේ පීඩිත නිර්ධන ජනයාගේ අරමුණු වෙනුවෙන් සටන් වදින සටන්කාමී නායකත්වයක් ලබාදී තිබෙනවා නම් ඒ පෙරටුගාමී සමාජවාදී පක්ෂය කියලා. ගොවි අරගල, කම්කරු අරගල, ශිෂ්‍ය අරගල, පරිසර අරගල මේ හැම තැනකම අපි ඒක පෙන්වලා තිබෙනවා. සටන්කාමීත්වය මොකක්ද කියලා දන්නේ නැතිව කකුල් වෙව්ල වෙව්ල ගුබ්බෑයම් ඇතුළේ රිංගද්දි අපි සටන්කාමී ව්‍යාපාරයක් ගොඩනගලා තිබෙනවා. එහෙම කරලලා තමයි අපි අද මේ සමුළුවට ඇවිත් තියෙන්නේ.

අපි පන්තියට පක්ෂයක් ගොඩනගනවා කියලා කිව්වා. අපි පන්තියට පක්ෂයක් ගොඩනැගුවා. දැන් අපිට තිබෙන්නේ මේ පක්ෂය පන්තියේ පක්ෂය බවට පත් කරන්න. කම්කරුවා, ගොවියා, ධීවරයන්, කාන්තාවන්, තරුණයන් ශිෂ්‍යයන් බුද්ධිමතුන්. කලාකරුවන් මේ හැම දෙනෙක්ම පක්ෂයේ නායකත්වය වටා, නිර්ධන පන්ති ව්‍යාපාරය වටා ගොඩනගන්න ඕන. එක තමයි මේ සමුළුවෙන් අපට බාර දෙන වගකීම. ඒ වෙනුවෙන් අපි පෙළ ගැහෙන්න ඕන.

මේක මැතිවරණ කාල පරිච්ඡේදයක්. ප්‍රතිපත්ති ප්‍රකාශන කියල කොළ ගොඩක් ගෙවල්වලට බෙදනවා. අපි අද ඉදිරිපත් කළ,ක්‍රියාත්මක කරන්න ශපථ කළ වැඩපිළිවෙළ කියන්නේ ඒ වගේ අවුරදුු පහකට ඡන්ද කොල්ල කන්න දාන එකක් නොවෙයි. 1971 අරගලයෙන් පසුව, ජනතා විමුක්ති පෙරමුණේ පළමු සමුළුවේ සම්මත කළ, ජනතා විමුක්ති පෙරමුණේ වෙන්ව ඇවිත් 2012 අපේ පළමු සමුළුවේ සාකච්ඡා කළ, පහුගිය ගෙවුණු සංවාදය ඇතුළේ ඒ සංවාදයෙන් ලද පෝෂණය තුළ, අත්දැකීම් තුළ ලබා ගත් පන්නරයේ සියලු ත්දැකීම් තුළින් තමයි මේ නව වැඩපිළිවෙළ සකස් කරලා තිබෙන්නේ. මේ නව වැඩපිළිවෙළ තමයි අපට මගපෙන්වන්නේ මේ රටේ සමාජවාදය ගොඩනගන්න.
මේ මැතිවරණ අවසන් වුණාට පසුව කවුරු දිනුවත් ජනතාව පරාජයක් ලබාගන්නවා හැරෙන්න වෙන දෙයක් වෙන්නේ නෑ. ඒ පරාජය වෙනස් කරන්න, දිගු කාලීන ජයග්‍රහණයකට පියවරක් තියන්න අවශ්‍ය නම් ඒකට තැන පෙරටුගාමී
සමාජවාදී පක්ෂය විතරයි කියලා අපි කියනවා. ජනතාවට ජයග්‍රහණය අත්පත් කරගන්න නායත්වය දෙන්න වෙන කිසිම තැනක් නෑ.

ඒ නිසා අපි ජනතාවට කියමු, හෙට අරගලයට අද ඡන්දයක් ප්‍රකාශ කරන්න.
ඉදිරි දශකය පෙ.සප. වාමාංශික ව්‍යාපාරය මේ රටේ දේශපාලනය හසුරුවන සුක්කානම බවට පත් කරමු. ඒ වෙනුවෙන් මැතිවරණ ව්‍යාපාරය තුළ, මැතිවරණයෙන් පස්සේ, කම්කරු අරගල, ගොවි අරගල ඇතුළේ කලාව තුළ සංස්කෘතිය තුළ සටන් කරන්න සමත් වුණොත් ඒ ධෛර්යවන්ත රතු ධජය ඔසවන්න. ඒ වෙනුවෙන් ශක්තිමත්වන්න අපි සියලු දෙනා එක් වෙමු, කැප වෙමු, සටන් වදිමු.
සමාජවාදයට ජය වේවා!!!”

 

Post Views: 8
Previous Post

ශ්‍රී ලංකාවට ඝණ අපද්‍රව්‍ය විදුලි බලාගාරයක් හඳුන්වාදීමට ඉතාලි රජයේ සහාය

Next Post

ELUTHARAKAI මගී ප්‍රවාහන නෞකාව කයිට්ස් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට බාර දෙයි

editor

editor

Next Post

ELUTHARAKAI මගී ප්‍රවාහන නෞකාව කයිට්ස් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට බාර දෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025

Recent News

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved