දැදුරු ඔය ද්‍රෝණිය අවට ජනතාවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
දැදුරු ඔය ද්‍රෝණියේ ඉහළ සහ මධ්‍යම ප්‍රදේශවලට සැලකිය යුතු වර්ෂාපතනයක් ඇද හැලෙනවා.
දැදුරු ඔය ජලාශයේ පිටවාන් දොරටු මගින් මේ වන විටත් තත්පරයට ගණ අඩි 77 400ක් තරම් සීඝ්‍රතාවයකින් දැදුරු ඔයට ජලය මුදා හරමින් පවතිනවා.
මේ හේතුවෙන්ම භාරියපොළ නිකවැරැටිය මහව කොබෙයි ගනේ බිංගිරිය පල්ලම ආරච්චි කට්ටුව සහ රස්නායක පුර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වලට අයත් දැදුරු ඔය ද්‍රෝණියේ පහළ නිම්නය ප්‍රදේශවලට මේ හේතුවෙන්ම වාරියපොළ, නිකවැරැටිය, මහව, කොබෙයිගනේ,බිංගිරිය, පල්ලම,ආරච්චිකට්ටුව සහ රස්නායකපුර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වලට අයත් දැදුරු ඔය ද්‍රෝණියේ පහළ නිම්නයේ ප්‍රදේශවලට පවතින ගංවතුර තත්වය අධිගංවතුර තත්වයක් දක්වා වර්ධනය කරන බවට අනතුරු අඟවා තිබෙනවා.මේ තත්ත්වය සම්බන්ධයෙන් ඉතා දැඩි සැලකිල්ලකින් කටයුතු කරන ලෙස එම ප්‍රදේශවල පදිංචි මහජනතාවගෙන් සහ ප්‍රවේශ මාර්ග හරහා ගමන් ගන්නා පාහන පදවන්නන්ගෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඉල්ලා සිටිනවා.














