කන්කසන්තුරය සිට ත්‍රිකුණාමලය හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි ඇති විය හැකි බව කාලගුණ දෙපාර්තමේන්තුව පවසනවා.
එසේම දිවයින වටා ඇති අනෙකුත් මුහුදු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සදහන් කර සිටින්නේ.
දිවයින වටා මුහුදු ප්‍රදේශවල සුළං ඊසාන දිශාවෙන් හමා එන අතර, සුළඟේ වේගය පැ.කි.මී. 30–40 අතර පවතින බව දැනුම් දී තිබෙනවා.
කළුතර සිට පුත්තලම හරහා කන්කසන්තුරය දක්වාත්, හම්බන්තොට සිට පොතුවිල් දක්වාත් වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළං වේගය විටින් විට පැ.කි.මී. 50–55 දක්වා වැඩි විය හැකි බව සඳහන්.
මෙම මුහුදු ප්‍රදේශ විටින් විට රළු වන අතර, දිවයින වටා ඇති සෙසු මුහුදු ප්‍රදේශ මද වශයෙන් රළු වනු ඇති බවත් එම දෙපාර්තමේන්තුව පවසනවා.
ගිගුරුම් සහිත වැසි ඇති අවස්ථාවලදී එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර, එවිට මුහුද තාවකාලිකව ඉතා රළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දී තිබෙනවා.












