කම්චැට්කා හි නැගෙනහිර වෙරළට ඔබ්බෙන් ඇති වූ ප්‍රබල භූමිකම්පාවෙන් පසු ඉන්දියානු සාගරයේ සුනාමි තර්ජනයක් නොමැති බව ඉන්දියානු සාගර සුනාමි අනතුරු ඇඟවීමේ සහ අවම කිරීමේ පද්ධතිය (IOTWS) තහවුරු කර තිබෙනවා.
ඒ පවතින පසුබිම මත ජනතාව තුළ ඇති අනිසි බිය තුරන් කරමින්.
භූමිකම්පාව සැලකිය යුතු ප්‍රමාණයකින් යුක්ත වුවද, ඉන්දියන් සාගර ද්‍රෝණිය තුළ හෝ අවට රටවලට එය සුනාමි තර්ජනයක් නොවන බවයි අදාල බලධාරීන් පැවසුවේ.