ඉන්දියාවේ නැගෙනහිර වෙරළ තීරයේ විවිධ ප්‍රාන්ත සඳහා තද වැසි අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ බෙංගාල බොක්ක ප්‍රදේශයේ ඇති වූ ගැඹුරු පීඩන අවපාතය හේතුවෙන්.
මෙම සුළි කුණාටුව මොන්තා” ලෙස නම් කර තිබෙන අතර මෙම පීඩන අවපාතය දැනට සුළි කුණාටුවක් ලෙස හඳුනාගෙන ඇති බවත් එය වෙරළ ආසන්නයට ගමන් කරන විට දරුණු සුළිකුණාටුවක් දක්වා වර්ධනය වනු ඇති බවත් මේ හේතුවෙන් පැයට කිලෝමීටර් 90-110ක තද සුළං ඇතිවිය හැකි බවත් ඉන්දීය කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දන්වා තිබෙනවා.
මේ හේතුවෙන් ශ්‍රී ලංකාවේ කන්කසන්තුරය සිට ත්‍රිකුණාමලය හරහා මඩකලපුව දක්වා මුහුදු ප්‍රදේශ සඳහාත් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.
කෙසේ වෙතත් නැවත දැනුම්දෙනතුරු කන්කසන්තුරය සිට ත්‍රිකුණාමලය හරහා මඩකලපුව දක්වා වෙරළට ඔබ්බෙන් වන නොගැඹුරු මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව ධීවර සහ නාවුක කටයුතුවලින් වැළකී සිටින ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටින්නේ.
එමෙන්ම ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන නොගැඹුරු මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව ධීවර සහ නාවුක කටයුතුවල යෙදෙන ප්‍රජාව ද මේ සම්බන්ධව අවධානය යොමු කරන ලෙසත් මෙරට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් ද සිදුකර තිබෙනවා.














