ඉන්දියාව තුළ ත්‍රස්ත තර්ජනයක් එල්ලවිය හැකි බවට ඉන්දීය බුද්ධි අංශ වෙත තොරතුරු අනාවරණය වී තිබෙනවා.
සැප්තැම්බර් 22 සහ ඔක්තෝබර් 02 දින අතර මෙලෙස ත්‍රස්ත තර්ජන එල්ල විය හැකි බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් ගුවන්තොටුපළ තුළ ආරක්ෂාව උපරිම අයුරින් තර කරන ලෙසට ගුවන් සේවා කාර්යාංශ වෙත උපදෙස් ලබා දී තිබෙනවා.
සමාජ විරෝධි කණ්ඩායම් හෝ ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් මත මෙම තර්ජනය එල්ලවිය හැකි බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා සදහන් කර සිටින්නේ.