අද උදෑසන දිල්ලි සහ එන්සීආර් හරහා භූ කම්පන තත්වයක් ඇති වී තිබෙන බව ඉන්දිය විදෙස් මාධ්‍ය පවසනවා.
මේ සම්බන්ධයෙන් භූ කම්පන විද්‍යාව පිළිබඳ ජාතික මධ්‍යස්ථානය පැවසුවේ උදෑසන 6 ට පමණ 3.2 ක භූමිකම්පාවක් වාර්තා වූ බවත්, එහි කේන්ද්‍රස්ථානය ෆරීදාබාද් බවත්ය.
භූමිකම්පාවේ ගැඹුර අක්ෂාංශයේ සිට කිලෝමීටර 5 ක් පහළින්, උතුරට අංශක 28.29 ක් සහ නැගෙනහිරට දේශාංශ 72.21 ක් වූ බව එහි සඳහන් වේ.
කෙසේ වෙතත් ජීවිත හානි හෝ දේපළ හානි කිසිවක් වාර්තා වී නොමැති බවයි එම වාර්තා වල සඳහන් වන්නේ.