සාගර් බන්ධු මෙහෙයුම යටතේ ශ්‍රී ලංකාවේ සහන මෙහෙයුම් සදහා පැමිණි ඉන්දීය වෛද්‍ය කණ්ඩායම සිය මානුෂීය සේවාව අවසන් කර පසුගියදා ඉන්දියාවට නැවත යන අවස්ථාවේ ඔවුන්ව රැගෙන යාමට ආ c-17 ගුවන් යානයෙන් මෙරටට තවත් ආධාර ද්‍රව්‍ය තොගයක් රැගෙන විත් තිබුණා.
ඒ අවස්ථාවේ දී විපතට පත් ජනතාවට ඔවුන් විසින් ලබා දුන් කැපවීම සහ වෘත්තීය දායකත්වය මෙහිදී ඇගයීමට ලක් කර තිබෙන අතර ඉන්දියානු වෙරළාරක්ෂක නෞකාවක් වන “ශෝර්යා” මඟින් ටොන් 50ක වියළි ආහාර තොගයක්ද මෙරටට එවා තිබුණා.
ඊට අමතරව ඖෂධ ටොන් 10ක් සහ වියළි ආහාර ටොන් 15ක් ඊට ඇතුළත්.
මෙලෙස සාගර් බන්ධු මෙහෙයුම හරහා ශ්‍රී ලංකාවට අඛණ්ඩව ලබා දෙන මානුෂීය ආධාර දෙරට අතර පවතින සමීප සහයෝගිතාවයත් දිගුකාලීන මිත්‍රත්වයත් පැහැදිලිව පෙන්වා දෙයි.














