ජනප්‍රිය ඉන්දීය ටෙලි නාට්‍ය නිළි ප්‍රියා මරාතේ ජීවිතක්ෂයට පත්ව තිබෙන බව එරට මාධ්‍ය වාර්තා වල සදහන්ව තිබුණා.
මියයන විට ඇගේ වයස අවුරුදු 38ක්.
ඇය ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කලක් තිස්සේ පැවති පිළිකා රෝගී තත්ත්වයක් හේතුවෙන් බවයි වාර්තා වුනේ.
1987 අප්‍රේල් 23 වන දින මුම්බායි හි ප්‍රියා මරාතේ, උපත ලබා තිබෙනවා.
පාසල් අධ්‍යාපනය සහ විශ්ව විද්‍යාල අධ්‍යාපනය ද මුම්බායි හිදී අවසන් කල පසුවයි ඇය රංගනයට පිවිස ඇත්තේ.
‘Ya Sukhanoya’ සහ ‘Char Divas Sasuche’ යන මරාති කතා මාලා හරහා සිය රංගන දිවිය ආරම්භ කළා.
පසුව, ඇය ‘Pavitra Rishta’ හි වර්ෂා සතිෂ් (Varsha Satish) ගේ චරිතය හරහා විශාල ජනප්‍රියත්වයක් ලබා ගත්තා.