ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයේ ඊයේ (14) ප.ව. 4.41කට පමණ රික්ටර් මාපකගේ 5.8ක භූමිකම්පාවක් හටගෙන තිබෙනවා.
ගුවහාටි ආසන්නයේ මෙය ඇතිව ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කර සිටියේ.
මෙම භූමිකම්පාව කිලෝමීටර 5ක් පමණ පොළව අභ්‍යන්තරයේ සිදුව ඇති අතර, ඉන් සිදු වූ තුවාල හෝ දේපළ හානි පිළිබඳ තොරතුරු මෙතෙක් වාර්තා වී නැහැ.
මෙහි ප්‍රබලත්වය උතුරු බෙංගාලයට මෙන්ම අසල්වැසි භූතානයට ද දැනී ඇත.
ඉකුත් සැප්තැම්බර් 2 වනදා ද ඇසෑම් ප්‍රාන්තයේ සෝනිත්පූර් හි 3.5ක භූමිකම්පාවක් ඇති වී තිබෙනවා.
ඉන් දින කිහිපයකට පසු මෙය සිදුව තිබෙනවා.
භීතියට පත් නිවැසියන් ප්‍රාන්තයේ අගනුවර වන ගුවහාටි හි තම නිවෙස්වලින් පිටතට දිව ගොස් තිබෙනවා.