ඉන්දියාවේ හර්යානා ප්‍රාන්තයේ ෆරීදාබාද්හි පැවැත්වෙන සුරාජ්කුන්ඩ් සැණකෙළි භූමියේදී “සුනාමි පැද්දීම” ලෙස හැඳින්වෙන විශාල ඔන්චිල්ලාවක් කඩා වැටීමෙන් දරුණු අනතුරක් සිදුව තිබේ. ඊයේ (07) පස්වරුවේ සිදුවූ මෙම අනතුරින් එහි ආරක්ෂක රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරියෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.
අනතුර සිදුවන අවස්ථාවේදී ඔන්චිල්ලාවේ පුද්ගලයින් 15 දෙනෙකු පමණ සිට ඇති අතර ඉන් 13 දෙනෙකු බරපතළ තුවාල ලබා රෝහල්ගත කර තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රාන්ත පොලිසිය විමර්ශන ආරම්භ කර ඇති අතර, සැණකෙළි භූමියේ උපකරණවල ප්‍රමිතිය පිළිබඳව දැඩි අවධානයක් යොමුව ඇත.














