ශ්‍රී ලංකාව අභිබවා යමින් ඉන්දියාව ලොව දෙවන විශාලතම තේ අපනයනකරුවා බවට පත් ව තිබෙන බවට පුවතක් වාර්තාවේ.
2024 දී ඉන්දියාව තේ කිලෝග්‍රෑම් මිලියන 254ක් අපනයනය කර තිබෙන බව ඉන්දියානු තේ මණ්ඩලය විසින් නිකුත් කර ඇති දත්තවල සදහන්ය.
ඒ අනුව ගෝලීය තේ අපනයනයේ පළමු ස්ථානයේ කෙන්යාව රැඳී සිටියදී, ඉන්දියාව ශ්‍රී ලංකාව අභිබවා දෙවන ස්ථානයට පත්ව ඇත.
ඉන්දියාවේ 2024 තේ අපනයන වටිනාකම රුපියල් කෝටි 7,112 කි.
2018 වසර හැර පසුගිය වසර කිහිපය තුළ ඉන්දියාවේ අපනයන අගයන් කිලෝග්‍රෑම් මිලියන 200-225 පමණ වූ අතර, මෙම ආකර්ෂණීය වර්ධනය තේ කර්මාන්තයට 2030 වන විට කිලෝග්‍රෑම් මිලියන 300 සීමාවට ළඟාවීමට බලාපොරොත්තුවක් ලබා දී ඇතැයි ඉන්දියාව පවසයි.