ඉන්දියාව සහ එක්සත් රාජධානිය අතර ද්විපාර්ශ්වික ව්‍යාපාරික සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින් නව සමාජ ආරක්ෂණ ගිවිසුමකට (Social Security Agreement) නවදිල්ලියේදී අත්සන් තබා තිබේ. මෙම ගිවිසුම හරහා බ්‍රිතාන්‍යයේ සේවය කරන ඉන්දීය වෘත්තිකයන් 75,000කට පමණ සෙත සැලසෙන අතර, විශේෂයෙන්ම වසර තුනකට අඩු කාලයක් සේවය කරන සේවකයින්ට දෙරටේම සමාජ ආරක්ෂණ ගාස්තු (Double Contribution) ගෙවීමෙන් නිදහස් වීමට අවස්ථාව හිමිවේ. මෙය බ්‍රිතාන්‍යයේ ක්‍රියාත්මක ඉන්දීය තොරතුරු තාක්ෂණ (IT) සමාගම්වලට විශාල මූල්‍ය සහනයක් වනු ඇති බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.














