භාග්‍යවතුන් වහන්සේ උතුම් වූ ශ්‍රී සද්ධර්මය දේශිත භාෂාව වූයේ පාලි භාෂාව බැවින් එම දහමේ නිවැරදිම අරුත දැනගත හැකි වනුයේ පාලි භාෂාව දැන ගැනීමෙනි. මක්නිසාද යත් බුද්ධ භාෂිතය දැනගත හැක්කේ පාලි ත්‍රිපිටකය පරිශීලනය කිරීමෙන් පමණි. බුද්ධ භාෂිතයේ නියම නිරුක්තිය එනුයේ පාලි බසින් පැවසීමෙනි. ත්‍රිපිටකය පාලි බසින් හැර අන් බසකින් පැවසීම දුකුලා ඇවතක් බව පැවසේ.
ඉහත කරුණු ද ඇසුරු කරගෙන ඉන්දීය රජය විසින් පසුගිය පසුගිය පසුගියදා සුවිශේෂ තීරණයකට එළඹ තිබේ. පසුගිය දා රැස්වූ ඉන්දීය කැබිනට්ටුව බෞද්ධ සමාජයට වැදගත් මෙම තීරණය ගෙන තිබේ. මෙම සුවිශේෂී තීරණය අනුව ඉන්දියාව විසින් ලෝකයට ලබා දෙන විශිෂ්ටතම දායකත්වය වන බුද්ධ දර්ශනය අනාගතයට ද සුරැකීමට මෙය මහඟු දායාදයක් වනු නිසැකය.
තවද මෙය සමරමින් ලෝක බෞද්ධ සංගමය වන I.B.C මඟින් අද දින අභිධර්මය දිනය ලෙස නම් කර තිබේ. බුදුරජාණන් වහන්සේ තව තව්තිසා දිව්‍ය ලෝකයට ගොස් මාතෘ දිව රාජයාණන් වහන්සේට පාලි බසින් අභිධර්මය දේශනා කර ඉන්පසු පැමිණ සැරියුත් තෙරුන් හට අභිධර්මය දේශනා කර තිබෙනුයේද පාලි භාෂාවෙනි.
අභිධර්මය පවා රචනා කර තිබෙනුයේ පාලි බසිනි මෙම නිසා අද දිනය මුළු මහත් ලෝකයටම වැදගත් දිනයක් වන බැව් නිසැකය ඉන්දීය අගමැති ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතාගේ සහභාගිත්වයෙන් බෞද්ධ විද්වතුන් ද ibc හෙවත් ජාත්‍යන්තර බෞද්ධ සම්මේලනය මගින් මෙම අභිධර්ම දිනය සැමරීම නිකුත් කරනු ලබයි.