ඊයේ දින මධ්‍යම රාත්‍රී (30) සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන මිල සංශෝධනයක් සිදු කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබේ.
එම අනුව,
-
ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රු. 06කින් අඩු කර රු. 277 ලෙස,
-
පෙට්‍රල් ඔක්ටේන් 95 ලීටරයක මිල රු. 06කින් අඩු කර රු. 335 ලෙස,
-
ලංකා භූමිතෙල් මිල රු. 05කින් අඩු කර රු. 180 ලෙස,
නව මිල ගණන් ක්‍රියාත්මක වන බව සමාගම පවසයි.
කෙසේවෙතත්, පෙට්‍රල් ඔක්ටේන් 92 සහ ලංකා සුපර් ඩීසල් මිල ගණන්වල කිසිඳු වෙනසක් සිදු නොවනු ඇත.
මේ අතර, ලංකා IOC සමාගම ද ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මෙම මිල සංශෝධනයට අනුගමනය කරමින් නව මිල ගණන් ක්‍රියාත්මක කරන බව නිවේදනය කර ඇත.