හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඕකේවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඉදිකළ පාලමක් අදාල බලධාරීන්ගේ කිසිඳු දැනුවත්භාවයකින් තොරව කිසියම් පිරිසක් විසින් ගලවා දැමීමේ පුවතක් වාර්තා වුණා.
ඒ ඊයේ (30) පෙරවරුවේ හම්බන්තොට පරිපාලන සංකීරණයේ පැවැති දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදීයි.
ජාතික ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් සෙනරත් මහතා. එම සාකච්චාවෙන් අනතුරුව මාද්‍යයට පවසා සිටියේ මෙම පාලම ගොඩනැගීම සහ ගලවා දැමීම සම්බන්දයෙන් අදාළ බලධාරීන් කිසිවත් නොදන්නා බවයි.
මේ පිළිබඳව නිසි විමර්ශනයක් සිදුකරන ලෙස ප්‍රාදේශීය ලේකම්වරිය, මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් ඇතුළු වගකිවයුත්තන් හට උපදෙස් ලබා දී තිබෙනවා.
මෙය වසර දහයකට පමණ ඉහත කාල වකවානුවේ මහා බ්‍රිතාන්‍ය යකඩ පාලම් ව්‍යාපෘතිය (U. K.Steel Bridge Project) නමින් විදේශ ආධාර සහිතව මෙරට තුළ ඉදි වූ පාලමක් බවයි ප්‍රදේශවාසීන් පවසා සිටියේ.