විරෝධතාකරුවන් හාරදහසකට වැඩි ප්‍රමාණයක් අත්අඩංගුවට
ඉස්ලාමාබාද් ආරක්ෂාවට අතිවිශාල හමුදා බළඇණියක්
සිරගත කර සිටින පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් නිදහස් කරන ලෙස රජයට බල කරමින් ලක්ෂ සංඛ්‍යාත ජනතාව දසදෙසින් ඉස්ලාමාබාද් අගනුවරට ඇතුළු වෙමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඉම්රාන්ගේ ටෙහ්රීකි ඉන්සාෆ් පක්ෂය විසින් සංවිධාන කළ එම විරෝධතා පා ගමන පාකිස්තානයේ නගර රැසක සිට අතිවිශාල ජන සහභාගිත්වයෙන් අගනුවර කරා ළඟාවී ඇති බවත්, රජයේ නියෝග මත ඉස්ලාමාබාද් අගනුවරට ඇතුළුවීම වැළැක්වීම සඳහා සියලු ප්‍රධාන මාර්ග කන්ටේනර් බහාලුම් යොදා අවහිර කළද ඒ සියලු මාර්ග බාධක නොතකමින් ජනතාව ඉදිරියට ඇදෙමින් සිටින බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.