උතුරු පළාතේ ප්‍රධානතම ජලාශය වන කිලිනොච්චියේ පිහිටි ඉරණමඩු ජලාශය අධික වර්ෂාව හේතුවෙන් යළිත් වරක් පිටාර ගැලීමට පටන් ගෙන තිබෙනවා.
එසේ හෙයින් වාරි ඉංජිනේරුවරුන් පියවර ගෙන තිබෙන්නේ මේ වන විට ජලාශයේ වාන් දොරටු 6ක් විවෘත කිරීමටයි
වාරි ඉංජිනේරුවන්ට අනුව, වාන් දොරටු දෙකක් අඟල් 6 බැගින් සහ අනෙක් දොරටු හතර අඟල් 1 බැගින් විවෘත කර තිබෙනවා.
කෙසේ වෙතත් ජනතාවට දැනුම් දී තිබෙන්නේ ජලපෝෂක ප්‍රදේශවලට තවදුරටත් වැසි ඇද හැලෙන බැවින් පහත් බිම්වල වෙසෙන ජනතාව දැඩි අවධානයෙන් පසුවන ලෙසයි














