ඉහළ යන ජීවන වියදමට එරෙහිව ඉරානයේ පැවැත්වෙන විරෝධතා පස්වන දිනයේදීත් වැඩි වැඩියෙන් ජීවිත බිලිගෙන ඇති බව වාර්තා වනවා.
එම වාර්තාවල සදහන් වන්නේ දැනට සිදු වූ මරණ සංඛ්‍යාව 07ක් බවයි.
නිරිතදිග ඉරානයේ ලෝර්ඩෙගන් නගරයේ විරෝධතාකරුවන් සහ ආරක්ෂක හමුදා අතර ඇති වූ මෙම ගැටුම් හමුවේ දෙදෙනෙකු මිය ගොස් තිබෙනවා.
බටහිර ප්‍රදේශයේ අස්නා හි තවත් පුද්ගලයින් තිදෙනෙකු සහ කෞඩාෂ්ට් හි තවත් අයෙකු මිය ගිය බව ෆාර්ස් වාර්තා කර තිබෙනවා.
බ්‍රහස්පතින්දා සමාජ මාධ්‍යවල පළ කරන ලද වීඩියෝවලින් විරෝධතාකරුවන් සහ ආරක්ෂක හමුදා අතර ගැටුම් අතරතුර මෝටර් රථ ගිනි තබන ආකාරය පෙන්නුම් කෙරුණු අතර බොහෝ විරෝධතාකරුවන් රටේ උත්තරීතර නායකයාගේ පාලනය අවසන් කරන ලෙසයි ඉල්ලා සිටින්නේ.
ඇතැම් අය රාජාණ්ඩුව නැවත ලබා දෙන ලෙසත් ඉල්ලා තිබෙනවා.














