ඉරානය සමඟ පවතින රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා කිසිදු බාධාවකින් තොරව ඉදිරියටම පවත්වාගෙන යන ලෙස ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු තමන්ට දැනුම් දුන් බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. ධවල මන්දිරයේදී පැවැති විශේෂ හමුවකදී නෙදන්යාහු මහතා පෙන්වා දී ඇත්තේ පැහැදිලි එකඟතාවක් ඇති කර ගන්නා තෙක් මෙම සාකච්ඡා අඛණ්ඩව පැවැත්වීම වැදගත් බවයි.













