ඇමෙරිකානු ජනතාව ඇමතූ ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් (Masoud Pezeshkian) මහතා විශේෂ ලිපියක් මගින් අවධාරණය කර ඇත්තේ, සාමාන්‍ය ඇමෙරිකානු වැසියන් කෙරෙහි තම රටේ කිසිදු වෛරයක් හෝ සතුරුකමක් නොමැති බවයි. ඊයේ (01) නිකුත් කරන ලද මෙම ලිපිය මගින් ඔහු පෙන්වා දෙන්නේ ඉරානය ලෝකයට තර්ජනයක් ලෙස හුවා දැක්වීම ඓතිහාසික සත්‍යයට හෝ වර්තමාන යථාර්ථයට පටහැනි ක්‍රියාවක් බවයි.
ඉරානය සහ ඇමෙරිකාව අතර පවතින දරුණු යුදමය වාතාවරණය හමුවේ වුවද, ඉරාන රජය සාමාන්‍ය වැසියන් කෙරෙහි දක්වන සුහදශීලී ආකල්පය ජනාධිපතිවරයා මෙහිදී ඉදිරිපත් කර තිබේ. ඉරානය “තර්ජනයක්” ලෙස හුවා දැක්වීමට දරන උත්සාහයන් ඔහු ප්‍රතික්ෂේප කර ඇති අතර, දෙරටේ ජනතාව අතර පවතින මානුෂීය සබඳතාවලට දේශපාලන ගැටුම් බාධාවක් නොවිය යුතු බව පවසයි.
මෙම ප්‍රකාශය සිදු වන්නේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරානයට එරෙහිව දැඩි ප්‍රහාර එල්ල කරන බවට කරන ලද ප්‍රකාශයන්ගෙන් පසුව වීම විශේෂත්වයකි. ඇමෙරිකානු රජයේ ක්‍රියාකලාපය සහ සාමාන්‍ය ඇමෙරිකානු ජනතාව වෙන් කර හඳුනා ගැනීමට ඉරානය සූදානම් බව මෙම ලිපිය හරහා පෙන්වා දී තිබේ. කලාපීය සාමය සහ ස්ථාවරත්වය සඳහා ඉරානය සැමවිටම කැපවන බව ද ජනාධිපති පෙසෙෂ්කියන් සිය ලිපිය මගින් වැඩිදුරටත් සඳහන් කර ඇත.














