ලෝක අවධානය ඉරාන යුද ගැටුම් වෙත යොමුව පවතින මොහොතක, ඇමරිකා එක්සත් ජනපදය බටහිර අප්‍රිකානු කලාපය තුළ සිය හමුදාමය මැදිහත්වීම නිහඬව යළි සක්‍රීය කරමින් සිටී. වසර ගණනාවක් පුරා පවතින ඉස්ලාමීය අන්තවාදී කැරලි මර්දනය කිරීමේ අරමුණින් ඇමරිකාව නයිජීරියාව වෙත සිය හමුදා භටයින් සහ නවීනතම ඩ්‍රෝන තාක්ෂණය යොමු කර ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.
දැනට වාර්තා වන පරිදි ඇමරිකානු හමුදා භටයින් 200ක පමණ පිරිසක් නයිජීරියාවේ ස්ථානගත කර ඇති අතර, ඔවුන් MQ-9 වර්ගයේ ප්‍රහාරක සහ නිරීක්ෂණ ඩ්‍රෝන යානා යොදා ගනිමින් එරට හමුදාවට බුද්ධි තොරතුරු සහ පුහුණුව ලබා දීමට කටයුතු කරයි. විශේෂයෙන්ම නයිජීරියාවේ උතුරු ප්‍රදේශයේ ක්‍රියාත්මක වන ඉස්ලාමීය සටන්කාමීන් මර්දනය කිරීමේ මෙහෙයුම් සඳහා මෙම ඇමරිකානු මැදිහත්වීම තීරණාත්මක වී තිබේ. ඉරාන ගැටුම මධ්‍යයේ වුවද ගෝලීය වශයෙන් සිය යුදෝපායනයන් (Strategic Deployment) සමබරව පවත්වා ගැනීමට වොෂින්ටනය මෙලෙස පියවර ගෙන ඇත.














