ඇමෙරිකාව සහ ඉරානය අතර පවතින යුදමය උණුසුම තවදුරටත් ඉහළ යමින් පවතින පසුබිමක, ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් 1987 වසරේදී තමන් ලබාදුන් රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවක වීඩියෝ පටයක් ඊයේ (30) සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබේ. එහිදී ඔහු අවධාරණය කර ඇත්තේ ඇමෙරිකාව විසින් ඉරානයේ විශාල තෙල් පිරිපහදු මධ්‍යස්ථාන අත්පත් කරගෙන, එමඟින් සිදුවූ පාඩු පියවා ගත යුතු බවයි.
වයස අවුරුදු 41ක්ව තිබියදී ඒබීසී (ABC) නාලිකාව සමඟ කළ මෙම පැරණි සාකච්ඡාවේදී, පර්සියානු බොක්කේ පවතින ගැටලුවලට සෘජු හමුදාමය මැදිහත්වීමක් සිදු කර ඉරානයේ තෙල් සම්පත් පාලනයට නතු කරගත යුතු බව ඔහු පවසා තිබුණි. වර්තමානයේ හෝමූස් සමුද්‍ර සන්ධිය ආශ්‍රිතව හටගෙන ඇති අර්බුදකාරී තත්ත්වය හමුවේ ට්‍රම්ප් මෙම පැරණි ස්ථාවරය යළි කරළියට ගෙන ඒම දේශපාලන ක්ෂේත්‍රයේ දැඩි අවධානයට ලක්ව ඇත. ඉරානය සිය යුද්ධය තනිව කරගෙන යාමට ඉඩ දී, ඇමෙරිකාව ඔවුන්ගේ තෙල් සම්පත් ලබාගත යුතු බව එම වීඩියෝවෙන් ඔහු යළිත් සිහිපත් කර දෙයි.














