ඉරාන යුද්ධය වෙනුවෙන් තවත් ඇමරිකානු ඩොලර් බිලියනය 200ක අතිරේක ප්‍රතිපාදන පෙන්ටගනය (Pentagon) විසින් ඉල්ලා සිටීමත් සමඟ වොෂින්ටනයේ දේශපාලන කැළඹීමක් හටගෙන ඇති බව ‘The Economist’ වාර්තා කරයි. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් සුභසාධන වියදම් කපා හැර ඇති මොහොතක, මෙවැනි දැවැන්ත යුද වියදමක් දැරීමට ඩිමොක්‍රටික් පාක්ෂිකයින් දැඩි විරෝධය පළ කර තිබේ.
යුද ලේකම් පීට් හෙග්සෙත් (Pete Hegseth) ප්‍රකාශ කළේ මෙම මුදල වෙනස් විය හැකි බවයි. මේ අතර, ඉරාන යුද්ධය සම්බන්ධයෙන් ඇති වූ ගැටලුකාරී තත්ත්වයක් මත පසුගියදා ඉල්ලා අස්වූ අමෙරිකාවේ ඉහළම මට්ටමේ ත්‍රස්ත මර්ධන නිලධාරියෙකු වන ජෝ කෙන්ට් (Joe Kent) සම්බන්ධයෙන් එෆ්.බී.අයි (FBI) ආයතනය විශේෂ පරීක්ෂණයක් ද ආරම්භ කර ඇත. යුද වියදම් ඉහළ යාම සහ දේශපාලන පරීක්ෂණ හමුවේ අමෙරිකානු පාලන තන්ත්‍රය තුළ දැඩි අර්බුදකාරී වාතාවරණයක් නිර්මාණය වී තිබේ.













