ඉෂාරා සෙව්වන්දි ඉන්දියාවට පලාගිය බෝට්ටුව පැදවූ පුද්ගලයා කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා
ඒ ඉෂාරාට ඉන්දියාවට පලා යාම සදහා උපකාර කල ඒ ආනන්දන් නැමැති අයයි.
එම බෝට්ටුව යාපනය අරාළිතුඩුව මුහුදු තීරයේ තිබියදි පොලිස් භාරයට ගෙන තිබෙන බවයි පොලිස් මාධ්‍ය පැවසුවේ.
කොළඹ අපරාධ කොට්ඨාසයේ සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කපිල කාරියවසම් මහතා ප්‍රමුඛ නිලධාරීන් කණ්ඩායමක් ආනන්දන් නමැත්තාගෙන් සිදුකළ දීර්ඝ ප්‍රශ්නකිරීමේදී අදාළ සැකකරු සහ මෙම බෝට්ටුව සොයාගැනීමට හැකිවී තිබෙනවා.














