ගනේමුල්ල සංජීව ඝාතනයේ වෙඩික්කරුට ආධාර අනුබල දුන් ප්‍රධාන සැකකාරිය වන පිංපුර දේවගේ ඉෂාරා සෙව්වන්දි අත්අඩංගුවට ගැනීම සඳහා සාර්ථක තොරතුරක් ලබාදෙන අයෙකුට ලබාදෙන ත්‍යාග මුදල වැඩිකර ඇත.
පොලිස් මාධ්‍ය කොට්ඨාශය මාර්තු 4 වැනිදා සවස මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ සැකකාරිය අත්අඩංගුවට ගැනීම සඳහා සාර්ථක තොරතුරක් ලබාදෙන අයෙකුට රුපියල් ලක්ෂ 12ක මුදලක් ත්‍යාගයක් වශයෙන් ලබාදෙන බවයි.
තොරතුරු ලබා දිය හැකි දුරකතන අංක –
අධ්‍යක්ෂ,කොළඹ අපරාධ කොට්ඨාසය – 071-8591727
ස්ථානාධිපති, කොළඹ අපරාධ කොට්ඨාසය – 071-8591735
එමෙන්ම තොරතුරු ලබාදෙන අයගේ රහස්‍යභාවය ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා පොලිසිය කටයුතු කරනු ඇති බවද දැනුම් දී තිබේ.
එම ඝාතනය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය විසින් විමර්ශන සිදුකරමින් පවතී.