නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ඇතුළු සිවිල් සංවිධාන නියෝජිතයින් පිරිසක් අඛණ්ඩ සත්‍යග්‍රහයක් ආරම්භ කර තිබෙනවා.
ඒ ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිටදීයි.
අධ්‍යාපන අමාත්‍යාංශය පිහිටි ඉසුරුපාය පරිශ්‍රය මේ වන විට දැඩි උණුසුම් මුහුණුවරක් ගෙන තිබෙනවා.
මෙම සත්‍යග්‍රහයේ ප්‍රධාන ඉල්ලීම් දෙක වී තිබෙන්නේ වත්මන් රජය ගෙන ඒමට සූදානම් වන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වහාම හකුලා ගැනීම සහ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය දරන අධ්‍යාපන අමාත්‍ය ධුරයෙන් ඇය වහාම ඉල්ලා අස්විය යුතු බවටයි.
අගමැතිනියට එරෙහිව දැඩි සටන් පාඨ කියමින් ආරම්භ වූ මෙම විරෝධතාවය හේතුවෙන් එම ප්‍රදේශයේ දැඩි ආරක්ෂාවක්ද යොදවා ඇති බවයි පැවසෙන්නේ. අධ්‍යාපන ක්ෂේත්‍රයේ සිදුවන වෙනස්කම්වලට එරෙහිව විමල් වීරවංශ මහතා ප්‍රමුඛ කණ්ඩායම මෙලෙස වීදි බැස තිබීම දේශපාලන කරළියේ අලුත් කතාබහකට මුල පුරා තිබෙනවා.














