අහුන්ගල්ලේ පාසලක් ඉදිරිපිට ඊයේ දින (17) වෙඩි තැබීමක් සිදුකර තිබෙනවා.
නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු පැමිණ මෙම වෙඩි තැබීම සිදුකර ත්‍රිරෝද රථයකින් පලාගොස් ඇති බවයි වාර්තා වන්නේ.
වෙඩි වැදීමෙන් තුවාල ලද පුද්ගලයා බලපිටිය රෝහලට ඇතුළත් කර ඇති බව පොලීසිය පවසන අතර 28 හැවිරිදි ලක්ෂාන් මධුෂංක නමැති අයෙකුට මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර තිබෙනවා.
ඔහුගේ ඉන ප්‍රදේශයට වෙඩි වැදී ඇති බවයි පොලිසිය වැඩිදුරටත් පවසා සිටින්නේ.
පිස්තෝල වර්ගයේ ගිනිඅවියකින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවද වාර්තා වනවා.