ඊශ්‍රායලයේ ටෙල්අවිව් ජෆා වෙරළ තීරයේ ඊයේ රාත්‍රී සිදුවූ ඉතාමත් දරුණු ඛේදවාචකයකින් 38 හැවිරිදි ශ්‍රී ලාංකික ශ්‍රමිකයෙකු ඝාතනය වී තිබෙනවා.
ගාල්ල බටපොල ප්‍රදේශයේ සිට හැර මාස දෙකකට පෙර රැකියාවක් අනුස්සාරයෙන් ඊශ්‍රායලයට ගිය ඔහු 38 හැවිරිදි තරුණයෙකි.
අනෙකුත් රටක පුද්ගලයෙකු සමඟ ඇති වූ බහින් බස්වීමක් හේතුවෙන් ඉතා දරුණු ආකාරයට තියුණු ආයුධයකින් පහරදීමෙනුයි මෙම තරුණයාව ඝාතනය කර තිබෙන්නේ.
මෙම සිද්ධිය පිළිබඳව දැඩි කණගාටුවක් ප්‍රකාශ කළ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා, මෙය පෞද්ගලික ආරවුලක් දුරදිග යාමෙන් සිදුවූ අහිංසක ජීවිතයක් බවයි අවධාරණය කර සිටියේ.
සැකකරු අත්අඩංගුවට ගැනීමට එරට පොලීසිය දැනටමත් විමර්ශන ආරම්භ කර තිබෙන බව වාර්තා වුණා.














