අමෙරිකාව සහ ඊශ්‍රායලය එල්ල කරන ප්‍රහාරවලට ප්‍රතිචාර වශයෙන් ඉරානය ද සිය ප්‍රහාරක මෙහෙයුම් දැඩි කර තිබේ. එහිදී ඊශ්‍රායලයේ ටෙල් අවිව් නුවර ඉලක්ක කරමින් ඉරානය විසින්ම නිපදවන ලද ‘කොරම්ෂා-4’ (Khorramshahr-4) බැලස්ටික් මිසයිල යොදාගත් බව ඉරාන ආරක්ෂක අංශ තහවුරු කර ඇත.
මෙම මාරාන්තික මිසයිලයේ ඇති විශේෂතා කිහිපයක් මෙසේය. මීටර් 13ක දිගින් යුත් මෙම මිසයිලය දළ වශයෙන් බස් රථයක ප්‍රමාණයට සමාන වේ. මෙහි ඇති සුවිශේෂීම හැකියාව වන්නේ පියාසර කරන අතරතුර එකවර ඉලක්ක කිහිපයකට (Multiple Warheads) ප්‍රහාර එල්ල කිරීමට ඇති හැකියාවයි. උපරිම වශයෙන් කිලෝමීටර් 2000ක දුරක් ගමන් කළ හැකි මෙම මිසයිලයට ටොන් 1.5ක බරින් යුත් ප්‍රබල පුපුරණ ද්‍රව්‍ය ප්‍රමාණයක් රැගෙන යා හැකිය.
2017 වසරේ සිට ඉරාන අවි ගබඩාවේ තිබූ මෙම මිසයිල මාදිලිය ඔවුන් නිල වශයෙන් ප්‍රදර්ශනය කළේ 2023 වසරේදීය. වත්මන් යුදමය වාතාවරණය හමුවේ ඉරානය සතු මෙම බර අවි භාවිත කිරීම ඊශ්‍රායලයේ ආරක්ෂක පද්ධතිවලට දැඩි අභියෝගයක් වී ඇති බව යුද විචාරකයෝ පෙන්වා දෙති.














