ඉරානය සමඟ පවතින දරුණු ගැටුම් මධ්‍යයේ ඊශ්‍රායලය සතු බැලැස්ටික් මිසයිල නාශක පද්ධති සඳහා භාවිත කරන ප්‍රති-මිසයිල (Interceptors) තොග ඉතා අවම මට්ටමකට වැටී ඇති බව ඇමරිකානු වාර්තා උපුටා දක්වමින් Semafor පුවත් සේවය අනාවරණය කරයි. වාර්තා වන පරිදි, ඊශ්‍රායලය මේ පිළිබඳව දැනටමත් ඇමරිකා එක්සත් ජනපදය දැනුවත් කර ඇති අතර, ඇතැම් විට ඉතිරිව ඇත්තේ ප්‍රති-මිසයිල 10ක් වැනි ඉතා සුළු ප්‍රමාණයක් බවට ද සැක පළ කෙරේ.
ඉරානය විසින් අඛණ්ඩව මිසයිල වරුසා එල්ල කරමින් සිටින පසුබිමක, ඊශ්‍රායලයේ ප්‍රධාන ආරක්ෂක පවුර වන ‘Arrow’ සහ ‘Davids Sling’ වැනි පද්ධතිවලට අවශ්‍ය මිසයිල හිඟ වීම යුද්ධයේ ගමන් මඟ වෙනස් කළ හැකි සාධකයක් වී තිබේ. කෙසේ වෙතත්, ඇමරිකානු බලධාරීන් සහතික කරන්නේ කලාපය තුළ සිටින තම පිරිස් ආරක්ෂා කිරීමට අවශ්‍ය අවි තොග සන්තකයේ පවතින බවයි. මෙම තත්ත්වය හමුවේ ඊශ්‍රායලය විකල්ප ආරක්ෂක ක්‍රමවේද සොයමින් සිටින අතර, බ්‍රිතාන්‍ය රජය ද ඩ්‍රෝන නාශක පද්ධති එරටට එවීමට අවධානය යොමු කර ඇත.














