ශ්‍රී ලංකාවේ 20000 පමණ පිරිසක් ඊශ්‍රායලයේ රැකියාවල නිරත වී සිටින බව අද (19) රැස්වූ පාර්ලිමේන්තුවේ දි සාකච්ඡා කෙරුණා.
ඉරාන – ඊශ්‍රායල යුද්ධය හමුවේ ලාංකික ප්‍රජාව පිළිබද ගෙන ඇති වැඩ පිළිවෙල පිළිබදව ද මෙහි දී ප්‍රශ්නයක් නැගුනා.
දැනට ඊශ්‍රායල ගුවන් ගමන් නවත්වා ඇති නිසා ලාංකිකයන්ව ගෙන්වීමට අපහසු නමුත් ලංකා තානාපති කාර්යාලයෙන් එම පිරිස පිළිබද විමර්ශනයෙන් සිටින බවයි අමාත්‍ය විජිත හේරත් මහතා ප්‍රකාශ කර සිටියේ
ඔවුන්ට අවශ්‍ය ඉදුම් හිටුම් ආහාර පාන මුදල් හා සෞඛ්‍ය අවශ්‍යතා තානාපති කාර්යාලයෙන් සපුරන බවයි.