ගත වූ පැය 24ට මහනුවර දිස්ත්‍රික්කයේ උඩදුම්බර ප්‍රදේශයට මි.මී 300කට වඩා වැඩි වර්ෂාපතනයක් ලැබී ඇති බව කාලගුණ දෙපාර්තමේන්තුව විසින් දන්වා තිබෙනවා.
උඩදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ උඩදුම්බර ප්‍රදේශයට මි. මී 308ක වර්ෂාපතනයක්, පොප්පිටිය ප්‍රදේශයට මි.මී 234ක වර්ෂාපතනයක් ද, නුගතැන්න ප්‍රදේශයට මි.මී 221ක වර්ෂාපතනයක් ද, කයිකාවල ප්‍රදේශයට මි.මී 218ක වර්ෂාපතනයක් ද ලැබී ඇති බව සදහන්.
පවතින තත්ත්වය මත උඩුදුම්බර ප්‍රදේශයේ ස්ථාන කිහිපයක නායයෑමක මූලික ලක්ෂණ මතු වී ඇති බැවින් එම ප්‍රදේශවල දැඩි අවදානම් තත්ත්වයක් පවතින බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසා තිබෙන්නේ.
මෙම කාලගුණික තත්වය හේතුවෙන් මේ වනවිට මහනුවර සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 8කට ඉවත්වීමේ නායයෑම් රතු නිවේදන නිකුත් කළ බවයි එහි භූ විද්‍යාඥ, වසන්ත සේනාධීර මහතා පවසා සිටියේ,
එම නිසා ජනතාවට උපදෙස් ලබා දී තිබෙන්නේ අනවශ්‍ය ගමන් බිමන්වලින් හැකිතාක් වැළකී සිටින ලෙසත් තම ජීවිත පිළිබදව දැඩි අවධානයෙන් පසුවන ලෙසත්ය.
ඒ මහතා වැඩිදුරටඒත් පවසා සිටියේ නායයෑමේ මූලික ලක්ෂණ (පොළොවේ පැලීම්, ගස් හෝ විදුලි කණු ඇලවීම්, බිත්ති ඉරිතැලීම්) නිරීක්ෂණය වන්නේ නම් වහාම ආරක්ෂිත ස්ථාන කරා යොමු වන ලෙසයි.














