උතුරේ පොලිස් ස්ථාන 10කට පමණ ප්‍රහාරයක් එල්ලකරන බවට දුරකතන ඇමතුමක් ලැබී තිබෙනවා.
මෙම නිර්ණාමික දුරකථන ඇමතුම ලැබී ඇත්තේ කන්කසන්තුරෙයි පොලිස් ස්ථානයටයි.
අදාළ ඇමතුම ඉකුත් 11වනදා දහවල් 1.15ත් 1.20 අතර කාලය තුළ ලැබී ඇති බව සඳහන්.
මේ සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ආරම්භ තිබෙනවා.
කෙසේ වෙතත් උතුරේ පොලිස් ස්ථානවල ආරක්ෂාව සම්බන්ධයෙන් වැඩි සැලකිල්ලක් දක්වන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසා සිටියේය.